top of page

පුහුණු වාර ත්‍රිත්වය සපිරේ: පාසල් සමථකරණ වැඩසටහන 2023 වසර සඳහාවූ පුහුණු සැසි සම්පූර්ණ කරයි


ree

2023 වසරේ නොවැම්බර් මස මැදදී ආරම්භ වූ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පාසල් සමථකරණ වැඩසටහන යටතේවූ පුහුණුකරුවන් පුහුණුකිරීමේ සැසි නිල වශයෙන් අවසන් විය! දෙවන සැසිවාරය දෙසැම්බර් මස මුලදී අවසන් වූ අතර තුන්වන සැසිවාරය මාසයේ මැද භාගයේදී අවසන් විය.


සතියක කාලයක් පුරා පැවති සෑම සැසියක්ම MAS තුල්හිරිය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ සමථ වැඩසටහන් නිලධාරීන්ගේ සහ සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාකාරී සහ කැපවීමෙන් යුතු සහභාගීත්වයෙන් සිදුවිය. SEDR ව්‍යාපෘතියේ ප්‍රවීණ උපදේශකවරුන්ගේ පන්නරයෙන් පාසල්වල ආරවුල් නිරාකරණයට මංපෙත් විවර කිරීම සඳහා ගුරුවරුන් සහ සිසුන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය හැකියාවන් නිලධාරීන්ට ලැබුණි. මෙම නිලධාරීන් විසින් SEDRහි ඉලක්කගත පළාත් තුනෙහි (උතුරු, නැගෙනහිර සහ ඌව) සහ බස්නාහිර පළාතේ පාසල්වල මෙම සැසිවාර හරහා ලබාගත් කුසලතා සහ පාඩම් බෙදාහදා ගනු ඇත.


දෙවන සහ තෙවන පුහුණු සැසිවල විශේෂ අවස්ථා සඳහා පහත ගැලරිය නරඹන්න!



SEDR ව්‍යාපෘතිය මගින් සම්බන්ධීකරණය කෙරෙන පාසල් සමථකරණ වැඩසටහන යටතේ තෝරාගත් පාසල්වල ගුරුවරුන් සහ සිසුන් පුහුණු කිරීමේ මීළඟ අදියර මෙම වර්ෂයේදී නැවත ආරම්භ කෙරේ. නව යාවත්කාලීනකිරීම් සඳහා රැඳී සිටින්න!

 
 
 

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අවසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page