top of page
Sri_Lanka_00090.jpg

රහස්‍යභාවය පිළිබඳ දැන්වීම සහ භාවිත කිරීමේ නීති

කරුණාකර අපගේ වෙබ්අඩවිය භාවිත කිරීමට පෙර රහස්‍යභාවය පිළිබඳ දැන්වීම සහ භාවිත කිරීමේ නීති හොඳින් කියවා බලන්න.

(‘වෙබ්අඩවිය’), (සාමූහිකව, ‘අප’) ඔබගේ රහස්‍යභාවය සහ සුරක්ෂිතබව ආරක්ෂා කිරීමට කැපවී සිටිමු.  අප විසින් පුද්ගලික තොරතුරු එක්රැස් කරන සහ භාවිත කරන අයුරු මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය මගින් දක්වයි.  මෙම වෙබ්අඩවිය හෝ අපගේ සේවාවන් භාවිත කිරීම මගින්, පහතින් දක්වා ඇති අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ විසින් කියවා පිළිගත් බවට ඔබ පිළිගනු ලබයි.

​අපගේ රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තිය ඔබ පිළිගනු නොලබන්නේ නම්, මෙම වෙබ්අඩවිය හෝ අපගේ සේවාවන් ඔබ විසින් භාවිත නොකළ යුතුය.  අපගේ භාවිත කිරීමේ නීති වෙත යොමුකිරීම් සහිතව එහිම කොටසක් ලෙස මෙකී රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තිය ඒකාබද්ධකර ඇත.

1. රහස්‍යභාවය සහ පුද්ගලික තොරතුරු වල ආරක්ෂණය

සම්ප්‍රේෂණයේ දී සහ ඉන් පසුව යන අවස්ථාවන් දෙකෙහිදීම අප වෙත එවනු ලබන පුද්ගලිකව හඳුනාගැනීමේ හැකියාවැති තොරතුරු ආරක්ෂා කිරීමේ දී අප අනුගමනය කරන්නේ මෙම කර්මාන්තයෙහි සාමාන්‍යයෙන් පිළිගත් සම්මතයන් ය.  ඔබේ ගිණුම පිළිබඳ රහස්‍යභාවය සහ සුරක්ෂිතබව පවත්වාගෙන යාමට අප ගන්නා උත්සාහයන් එසේ තිබියදී පවා, අන්තර්ජාලයෙන් සම්ප්‍රේෂණ සිදුකිරීමේ ක්‍රමවේද හෝ ඉලෙක්ට්‍රොනිකව ගබඩා කිරීමේ ක්‍රමවේද කිසිවක් පූර්ණ වශයෙන්ම සුරක්ෂිත නොවේ.  ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අප සෑම උත්සාහයක්ම දරනු ලැබුවද, ඒවායෙහි පරම සුරක්ෂිතබව අපට සහතික කළ නොහැක.     

2. අප එක්රැස් කරගන්නා පුද්ගලික තොරතුරු

අපගේ ලිපි යැවීමේ ලැයිස්තුවට සම්බන්ධවීමෙන්, ඉසව්වක් සඳහා ලියාපදිංචි වීමෙන්, හෝ වෙබ්අඩවියෙහි ඇති සම්බන්ධවීමේ පෝරමය භාවිතයෙන් ඔබ ලබාදෙන පුද්ගලික දත්ත: නම, විද්‍යුත් තැපෑල, දුරකථන අංක, සහ ආයතනයේ නම අප විසින් එක්රැස් කරනු ඇත.

​ඊට අමතරව, වෙබ්අඩවියට වන ද්වේශසහගත ප්‍රහාර සොයාගැනීමේ සහ වෙබ්අඩවියෙහි සැරිසැරීමේ කටයුතු වඩා හොඳින් කළමනාකරණය කිරීමේ හැකියාව ලබාගැනීම පිණිස ඔබේ IP ලිපිනය අප විසින් එක්රැස් කරනු ඇත.

අප විසින් “කුකීස්” භාවිතය ද සිදුකළ හැකිය.  කුකීස් යනු ඔබේ පරිගණකයෙහි තබා ගබඩා කරනු ලබන කුඩා දත්ත ගොනු ය.  අපගේ වෙබ්අඩවිය භාවිතය ඔබට පහසුකරවීම එමගින් සිදු කෙරෙයි.  කුකීස් භාවිත කරනු ලබන්නේ පහත පරිදිය:

  • නිරන්තර පරිශීලකයෙකු ලෙසට ඔබව හඳුනාගැනීමට;

  • ඔබ කවුද යන වග අපට සිහිපත් කිරීමට;

  • වෙබ්අඩවිය නැවත නැවත භාවිතය කෙතරම්ද යන බව දැනගැනීම හරහා අපගේ ප්‍රේක්ෂක පිරිස කෙතරම්දැයි තක්සේරු කිරීමට;

  • පරිශීලක ලැදියා සහ චර්යා අනුව ඉලක්කගත ප්‍රචාරණ වලට සහයදීමට;

  • ඔබේ ප්‍රගතිය සෙවීමට;

  • පරිශීලකයන් එකිනෙකාගේ පුරුදු කෙතරම් දුරට සමාන හෝ වෙනස් දැයි වටහාගැනීම සඳහා, පර්යේෂණ  මෙවලමක් ලෙස යොදාගැනීම පිණිස අන්තර්ජාලයේ සැරිසැරීමේ රටාවන් මැන බැලීමට;

  • භාවිත රටාවන්ගේ සංඛ්‍යාලේඛන එකතු කිරීමට;

  • වෙනත් පර්යේෂණ මෙහෙයවීමට.

ඔබ වෙත ලැබෙන කුකීස් ගැන දැනුම්දීමේ ක්‍රමවේදය ඔබේ බ්‍රවුසරයට යෙදීම ඔබට කළ හැකිය.  එවිට එසේ ලැබෙන දැනුම්දීම් පිළිගත යුතු ද නැති ද යන්න තීරණය කිරීමේ හැකියාව ඔබට ලැබේ.  ඔබ විසින් කුකීස් නොපිළිගන්නේ නම්, මෙම වෙබ්අඩවියෙහි ඇතැම් පිටු නිසි ලෙස පෙන්නුම් නොකෙරෙනු ඇත, නැතහොත් යම් යම් තොරතුරු වෙත පිවිසීමට ඔබට අවසර නොලැබෙනු ඇත.

3. පුද්ගලික තොරතුරු භාවිතා කිරීමේ අපගේ අරමුණු

තොරතුරු එකතු කරන අවස්ථාවේ හෝ ඊට පෙර, අප විසින් තොරතුරු එකතුකිරීමට පාදක වන අරමුණු හඳුනාගැනීමට අවශ්‍ය සියලුම උත්සාහයන් අප විසින් දරනු ලබයි.  අන්‍යාකාරයකින් භාවිතය සඳහා ඔබේ කැමැත්ත අප විසින් ලබාගෙන ඇත්නම්, හෝ නීති මගින් බලය ලබාදී හෝ අවශ්‍ය කෙරෙන හෝ වෙනත් ආකාරයක භාවිතය සඳහා හෝ නොවේ නම් මිස, තොරතුරු එකතු කරන අවස්ථාවේ දී අනාවරණය කරනු ලබන හෝ එසේ නොමැති නම්, මෙම රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙහි දක්වා ඇති අරමුණු උදෙසා පමණක් ඔබේ පුද්ගලික තොරතුරු අප විසින් භාවිත කරනු ඇත.

පහත අරමුණු උදෙසා ඔබ වෙතින් පුද්ගලික තොරතුරු එක්රැස් කරගැනීම අපගේ ප්‍රතිපත්තියයි:

  • ඔබ සමග සන්නිවේදනය කිරීමට (පුවත්, ඉසව්, සහ නව ප්‍රකාශන);

  • අපගේ අභ්‍යන්තර ඇගයීමේ කටයුතු උදෙසා පමණක් පුද්ගලික තොරතුරු විශ්ලේෂණය කිරීමට සහ භාවිතයට;

  • ඔබේ අවශ්‍යතා සහ/හෝ රුචි-අරුචිකම් හඳුනාගැනීමට;

  • නෛතික හා නියාමක අවශ්‍යතාවන් සපුරාලීමට;

  • අපගේ මෙහෙයුම් කටයුතු පරිපාලනයට, පවත්වාගෙන යාමට, කළමනාකරණයට, සහ වැඩිදියුණු කිරීමට; සහ

  • නීතිය මගින් අවශ්‍ය කෙරෙන වෙනත් කරුණු උදෙසා.

4. පුද්ගලික තොරතුරු බෙදා-හදාගැනීම

ඔබ විසින් ඉල්ලා සිටින ලද සැලසුම් හෝ සේවාවන් ඔබේ අවසරය ඇතිව සැපයීමට, හෝ පහත දක්වා ඇති තත්ත්වයන් යටතේ හෝ හැරෙන්නට තෙවන පාර්ශ්වයන් වෙත පුද්ගලික තොරතුරු කුලියට දීම, ගනුදෙනු කිරීම, හෝ බෙදාගැනීම හෝ මෙම වෙබ්අඩවිය විසින් සිදු නොකරයි: 

  • අපගේ ව්‍යාපෘති හවුල්කරුවන් සමග අප විසින් පුද්ගලික තොරතුරු බෙදා-හදා ගත හැකිය.

  • නීතියෙන් අවශ්‍ය කෙරෙයි නම්, සහ අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ/හෝ අපගේ වෙබ්අඩවිය පිළිබඳ අධිකරණමය කටයුත්තක් හෝ නීතිමය ක්‍රියාවලියකට අනුකූලවීම උදෙසා අනාවරණය කිරීම අවැසි හෝ අනිවාර්ය බවට අප විශ්වාස කරන්නේ නම්, ඔබේ පුද්ගලික තොරතුරු බෙදා-හදා ගැනීම අප විසින් සිදුකළ හැකිය.

  • නීතිවිරෝධී ක්‍රියාකාරකම්, සැකකටයුතු වංචනික ක්‍රියා, තෙවැනි පාර්ශ්වයක් වෙත භෞතික වශයෙන් විය හැකි තර්ජනයක් විමර්ශනයට, වැළැක්වීමට හෝ ඒ ගැන ක්‍රියා කිරීමට අවැසි බවට අප විශ්වාස කරන්නේ නම්, හෝ නීතියෙන් අවශ්‍ය කෙරෙයි නම්, ඔබේ පුද්ගලික තොරතුරු බෙදා-හදා ගැනීම අප විසින් සිදුකළ හැකිය.

  • ඕනෑම හේතුවක් මත මෙම වෙබ්අඩවියෙහි පැවරුමකදී තෙවැනි පාර්ශ්වයක ආයතනයක් වෙත පුද්ගලික තොරතුරු පැවරීම අප විසින් සිදුකළ හැකිය.  පුද්ගලික තොරතුරු පිළිබඳ හිමිකාරිත්වයේ හෝ පාලනයේ එවැනි යම් වෙනසක් වේ නම්, විද්‍යුත් තැපෑල හරහා ඔබ වෙත දැනුම් දෙනු ඇත.

  • අපගේ නීති, මූල්‍ය සහ වෙනත් වෘත්තීමය උපදේශකවරුන් සමග පුද්ගලික තොරතුරු බෙදා-හදා ගැනීම අප විසින් සිදුකළ හැකිය.

  • අපගේ වෙබ්අඩවිය යාවත්කාලීන කරන්නේ නම් හෝ වැඩිදියුණු කරන්නේ නම්, එවැනි අවස්ථාවක දී වෙබ්අඩවි සකසන්නන් සමග පුද්ගලික තොරතුරු බෙදා-හදා ගැනීම අප විසින් සිදුකළ හැකිය.

  • නීතියෙන් අවශ්‍ය කෙරෙන පරිදි ඔබේ කැමැත්ත ලැබීමෙන් අනතුරුව තෙවැනි පාර්ශ්වයන් සමග පුද්ගලික තොරතුරු බෙදා-හදා ගැනීම අප විසින් සිදුකළ හැකිය.

ඉහතින් සපයා ඇති කරුණු වලදී හැරෙන්නට, අවසරයකින් තොරව ඔබේ තොරතුරු කිසිදු තෙවැනි පාර්ශ්වයක් සමග බෙදා-හදා ගැනීම අප විසින් සිදු නොකරමු.

5. ඔබේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශය

අප සතු ගොනුවෙහි දැක්වෙන ඔබේ පුද්ගලික තොරතුරු දැක-බලා ගැනීම, යාවත්කාලීන කිරීම, ඉවත් කිරීම, හෝ නිවැරදි කිරීම ඔන්ලයින් මගින් හෝ පුද්ගලිකව පැමිණ හෝ ඕනෑම වේලාවක දී සිදුකිරීමේ හැකියාව ඔබට ඇත.  ඔබේ පුද්ගලික තොරතුරු වෙත පිවිසීමට, ලිඛිත ඉල්ලීමක් අප වෙත ඉදිරිපත් කළ යුතු වේ.  ඕනෑම ලිඛිත ඉල්ලීමක් ලිපියක ආකාරයෙන්, නිල අනන්‍යතා ලේඛනයේ පිටපතක් ද සමග අපගේ නිල ලිපිනය වෙත යොමු කළ යුතු වේ.  

6. පුද්ගලික තොරතුරු විද්‍යුත් තැපෑලෙන් ඉල්ලා සිටීම

අප විසින් විද්‍යුත් තැපෑල හෝ pop-up window හරහා කිසිදු අවස්ථාවක පුද්ගලික තොරතුරු ඉල්ලා සිටීමට කටයුතු නොකරමු.  යම් හෙයකින් ඔබට එසේ විද්‍යුත් තැපෑල හෝ pop-up window හරහා යම් ඉල්ලීමක් ලැබුණහොත්, කරුණාකර ඊට ප්‍රතිචාර නොදක්වා, පහත දක්වා ඇති පරිදි, අප වෙත දැනුම් දෙන්න.  කිනම් හෝ අවස්ථාවක දී ඔබ වංචාවකට හසුව ඇතැයි ඔබට සිතේ නම්, කරුණාකර පොලිසියට පැමිණිලි කර, ඔබේ ආරක්ෂාව සඳහා ගතහැකි සියලු පියවර ගන්න.  එසේම අප වෙත ද ඒ බව දැනුම් දෙන්න.  එවිට මෙම වෙබ්අඩවිය සහ අපගේ සේවාවන් භාවිත කරන ඔබ සහ අනෙකුත් පරිශීලකයන් ද  ආරක්ෂා කිරීමට ගත හැකි සියලු පියවර ගැනීමට අපට හැකිවේ.

7. ළමුන්

ළමුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අප සෑමවිටම ඇප-කැප වී සිටිමු.  මෙම කැපවීම තවදුරටත් පවත්වාගෙන යාමේ දී, අපගේ වෙබ්අඩවිය භාවිතය සහ අපගේ සේවාවන් ඇගයීම, වයස අවුරුදු දහඅට (18) සහ ඊට ඉහළ අය සඳහා පමණක් සීමා කරමු.

8. පුද්ගලික තොරතුරු පැවරීම සහ ගබඩා කිරීම සඳහා කැමැත්ත

ඔබ විසින් අප වෙත ඉදිරිපත් කරනු ලබන ඕනෑම පුද්ගලික තොරතුරක් ගබඩා කරතැබීමේ අයිතිය සහ ගබඩා කරතැබීමේ අරමුණ සඳහා පමණක් ලොව පුරා ඕනෑම සර්වරයක් වෙත ඔබේ පුද්ගලික තොරතුරු පැවරීමේ අයිතිය අප රඳවා ගනිමු.  ලොව පුරා ඇති අපගේ සර්වර වෙත එසේ පැවරීම සහ ගබඩා කිරීම සඳහා එවැනි ඕනෑම තොරතුරක් භාවිත කළ හැකි බවට ඔබේ පුද්ගලික තොරතුරු අප වෙත සැපයීම මගින්, ඔබ පූර්ණ වශයෙන් අවබෝධ කරගෙන කැමැත්ත ලබාදෙන බවට සැලකේ.

9. ඔබ හා සම්බන්ධවීම

මෙම වෙබ්අඩවිය පිළිබඳව තොරතුරු සැපයීමට හෝ යම් පැමිණිල්ලක් නිරාකරණය කිරීමට හෝ, නීතියෙන් අවශ්‍ය කෙරෙන දැනුම්දීම් ඔබ වෙත එවීමට, අප විසින් කලින් කලට ඔබ සමග සම්බන්ධවීම පිණිස ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කරනු ඇත.  ලිපි මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් අපගේ සේවාවන් පිළිබඳව තොරතුරු ඔබ වෙත එවීමට, ගනුදෙනුකරුවන් වෙත පිරිනමන දීමනා ගැන දැන්වීමට, හෝ අපගේ පුවත්ලිපි ඔබ වෙත යොමුකිරීමට ද අප විසින් අයිතිය රඳවා ගනු ලබයි.  ඔබේ සාමාජිකත්ව සැකසුමට අවශ්‍ය වෙනස් කිරීම් සිදුකිරීම මගින් හෝ පහත 12 වැනි වගන්තියෙහි දක්වා ඇති ලිපිනයේ දී අප හා සම්බන්ධවීම මගින් හෝ අප වෙතින් ලිපි ලැබීමෙන් ඉවත්වීම (හෝ “opt-out)  ඕනෑම අවස්ථාවක දී ඔබට සිදුකළ හැකි ය.

10. රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙහි වෙනස්කම් සහ යාවත්කාලීන කිරීම්

අපගේ පරම අභිමතය පරිදි ඕනෑම අවස්ථාවක දී, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, මෙම රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තිය අප විසින් සංශෝධනය කළ හැකිය.  මූලික කරුණු වලට යම් සංශෝධනයක් අප විසින් කරනු ලැබුවහොත්, එකී වෙනස්කම් වෙබ්අඩවියෙහි හොඳින් දර්ශනය වන යම් ස්ථානයක දැක්වීම මගින් ඔබ වෙත දැනුම්දීමට අප කටයුතු කරමු.  සැලකිය යුතු වෙනස්කම් සිදුකර නොමැති බව තහවුරු කරගැනීම පිණිස ඔබ විසින් කලින් කලට අප වෙතින් විමසා බැලීම සිදුකළ යුතු වේ.  

අප විසින් එකතු කරනු ලබන තොරතුරු භාවිතය, ඒවා භාවිත කරන අවස්ථාවේ බලපැවැත්වෙන රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තියට විෂය වන බව කරුණාවෙන් සලකන්න.

11. වෙනත් නීතිමය දැන්වීම්

රහස්‍යභාවය හෝ ආරක්ෂණය පිළිබඳව ඔබට යම් මතභේදයක් වේ නම්, රහස්‍යභාවය පිළිබඳ මෙම ප්‍රතිපත්තියට සහ අපගේ භාවිත කිරීමේ නීති වලට එය විෂය වේ.  රහස්‍යභාවය පිළිබඳ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රහස්‍යභාවය ගැන ඔබට ඇති යම් ගැටලුවක් නිරාකරණයට සෑම විටෙකම හැකි සෑම උත්සාහයක්ම දැරීමට අප කටයුතු කරන්නෙමු.   

12. අප හා සම්බන්ධ වන්න

රහස්‍යභාවය පිළිබඳ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබට යම් පැනයක් හෝ ගැටලුවක් වේ නම් හෝ ඔබගේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශය හෝ ඔබගේ පුද්ගලික තොරතුරු භාවිත කරනුයේ කෙසේද යන්න පිළිබඳව වැඩි විස්තර ඔබට අවශ්‍ය වේ නම්, පහත දක්වා ඇති පරිදි අප හා සම්බන්ධවීමට ඔබට හැකියාව ඇත:

 

බ්‍රිතාන්‍ය කවුන්සිලය

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

​මෙම රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තිය අවසන් වරට සංශෝධනය කළේ 2021 ජනවාරි 21 දින දී ය.

bottom of page