top of page
Sri_Lanka_00020.jpg

අපේ වැඩ

පිළිබඳව

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තෝරාගත් දිස්ත්‍රික්කයන් හි ආරවුල් නිරාකරණයෙහි විකල්පයන්ට සහ මැදිහත්වීමේ සේවාවන්ට සහය දෙමින් ඒවා දිරිගැන්වීම සඳහා SEDR කටයුතු කරයි.

ව්‍යාපෘතියේ පසුබිම.

ශ්‍රී ලංකාවේ ආසියානු පදනම සමග හවුල්කාරිත්වයෙන් යුතුව ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය වසර හතර (2020-2024)ක කාලයක් තුළ නිම කිරීමේ කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය කවුන්සිලය වෙත ලබාදී ඇත්තේ යුරෝපා සංගමයයි.  ක්ෂේත්‍ර හතරක දී ප්‍රතිපල ලැබීමට මෙම ව්‍යාපෘතියෙන් ඉලක්ක කෙරෙයි.  ශ්‍රී ලංකාවෙහි ආරවුල් නිරාකරණ යාන්ත්‍රණ වෙත පිවිසීමේ හැකියාව සහ ඒවායෙහි ඵලදායිතාව වැඩිදියුණු කිරීමටත්, සමාජ ඒකාබද්ධතාව සහ ප්‍රජා-මට්ටමින් වඩාත් ඇතුළත් සබඳතාවක් වෙනුවෙන් කටයුතු කිරීමටත් එයින් අදහස් කරයි.

        

​යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන SEDR ව්‍යාපෘතිය යනු, බ්‍රිතාන්‍ය කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), සහ ලෝක බැංකුව සමග හවුල්ව  ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන ප‍්‍රතියෝජනය, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ’ (STRIDE) වැඩපිළිවෙළට අයත් එක් අංගයකි.

ව්‍යාපෘති පරමාර්ථ.

සමස්ථ අරමුණ

රජය සහ මහජනතාව අතර සංවාදය සවිමත් කිරීම මගින් ගැටුම් වලට පාදක වන මූලික හේතූන් නිරාකරණයට සහ ඒ ඒ පළාත්වල ආරවුල් ඉහළ යාම වැළැක්වීමට අවශ්‍ය දායකත්වය ලබාදීම.

විශේෂිත අරමුණ

ප්‍රජා-මට්ටම සහ තනි පුද්ගල යන දෙපාර්ශ්වයෙහිම දුක්ගැනවිලි සම්බන්ධයෙන් ආරවුල් නිරාකරණ  සේවාවන් වැඩිදියුණු කිරීම.

ප්‍රතිපල ලැබීමට ඉලක්ක කෙරෙන ක්ෂේත්‍ර.

RA1. තනි ආරවුල් විසඳීම (පවුලක, සාපරාධී සහ ඊට අදාළ දේපල/මූල්‍යමය ආරවුල්) සඳහා වන ප්‍රජා සමථ මණ්ඩල වල කටයුතු වැඩිදියුණුව.

RA2. ඉඩම් සඳහා විශේෂිත සමථ මණ්ඩල වල ක්‍රියාකාරකම් පුළුල් කිරීම සහ වැඩිදියුණුව.

RA3. ඒ ඒ පළාතෙහි සැවොම ඇතුළත් වූ සංසද මගින් අන්‍යෝන්‍ය ගැටලු විසඳීමට කටයුතු කිරීම සහ ප්‍රජා-මට්ටමේ දුක්ගැනවිලි නිරාකරණ කටයුතු වල දියුණුව.

RA4. නැවත-පිරික්සීමේ නියෝජිතායතන සමග සම්බන්ධීකරණය, දත්ත එකතු කිරීමේ කටයුතු වල වැඩිදියුණුව සහ මැදිහත්වීමේ ක්‍රමවේදය භාවිත කෙරෙන්නේ මන්ද සහ කෙසේද යන්න පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම ආදිය හරහා සමථකරණ ක්‍රියාවලි වල ප්‍රතිලාභ දැකගැනීමට ජ්‍යෙෂ්ඨ හවුල්කරුවන්ට සහ නිලධාරීන්ට හැකියාව.

ව්‍යාපෘතියෙන් සිදුකරනු ඇති දෑ.

SEDR ලාංඡනය ග්‍රැෆික් විනිවිද පෙනෙන.png

ප්‍රජා මට්ටමින්. පවත්නා ප්‍රධාන සංසද සමග එක්ව කටයුතු කිරීමෙන්, සියල්ලන් ඇතුළත් හා ප්‍රජා මට්ටමින් එදිරිවාදී හෝ අවධානය යොමු නොවූ හඬවල් අතර ආරවුල් නිරාකරණයට ඉඩ සැලසෙන පරිදි ඔවුන්ගේ හැකියාවන් ගොඩනැගීම SEDR විසින් සිදුකරනු ඇත.  සමාන අවකාශයක මෙහෙයුම් කටයුතු සිදුකරන සිවිල් සමාජ සංවිධාන සහ පළාත් පාලන ආයතන වල වැඩපිළිවෙළ එකට මුසු කිරීම ඇතුළුව, ප්‍රජාවන් අතර සම්බන්ධීකරණය හා සහයෝගීත්වය ඉතාමත් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීම ද විමසා බලනු ඇත.  මෙකී කටයුතු ක්‍රියාවට නැංවීමේදී ඒ ඒ පළාතෙන් තෝරාගනු ලබන ප්‍රජා කණ්ඩායමක් ඉලක්ක කෙරෙන අතර, එම පළාත් තුන - උතුරු, නැගෙනහිර සහ ඌව වේ.

කලාප මට්ටමින්. ඌව පළාතේ දිස්ත්‍රික්ක දෙකක පුහුණුකරුවන්ගේ ධාරිතාව ගොඩනැගීමට, ඔවුන් අතර සම්බන්ධීකරණයට සහයදීමට, සහ ඉඩම් සඳහා විශේෂිත සමථ මණ්ඩල ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහයදීමට අප කටයුතු කරමු.

​ජාතික මට්ටමින්. සමථකරණ පුහුණු නිලධාරීන් පුහුණු කිරීමේ සහය ලබාදීම ඉලක්ක කෙරෙන සමථකරණ ක්‍රමවේදයන්ගේ ප්‍රමිතිය වැඩිදියුණුව උදෙසා අප කටයුතු කරනු ඇති අතර, ඉන් අනතුරුව හඳුන්වාදීමට අදහස් කෙරෙන දිවයින පුරා ප්‍රජා සමථකරුවන් පුහුණු කිරීම් වලට සහයදීම ද අදහස් කෙරෙයි.   සමථකරණ සේවාවන් සඳහා ප්‍රතිපත්තිමය මට්ටමින් සහය ලබාදීමට සහ ඒ පිටුපස ඇති ක්‍රියාවලි පිළිබඳව සහ සමථ මණ්ඩලයේ කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන පාසල් සමථකරණ වැඩසටහන හරහා තරුණ පරම්පරාවක් ද ඇතුළුව කණ්ඩායම් බොහොමයක් වෙත ප්‍රවේශය ලබාදෙන සමථකරණයේ ප්‍රතිලාභ ගැන දැනුවත්භාවය හා අවබෝධය වැඩිකිරීම.

අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අවසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page