top of page

අන්තෝනියර්පුරම් හි දුෂ්කරතා මධ්‍යයේ අවබෝධය ගොඩනැගීම


මම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අන්තෝනියර්පුරම් ධීවර ගම්මානයේ අරුල්නේසරාසා අනුෂාන් (28), ඒ වගේම මම ' අන්තෝනියර්පුරම් හි සාමය සහ සෞභාග්‍යය' සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියේ (SAP) කණ්ඩායම් නායකයාද වෙනවා.


මගේ ගමේ විශාල, යාන්ත්‍රික ෆයිබර් ග්ලාස් බෝට්ටු හිමිකරුවන් සහ දෑතේ බලයෙන් ක්‍රියාත්මක කරවන කුඩා බෝට්ටු ('වල්ලම්') හිමිකරුවන් අතර ආරවුලක් ඇති වුණා. සාමාන්‍යයෙන්, ෆයිබර් ග්ලාස් බෝට්ටු ප්‍රජාවේ ධනවත් සාමාජිකයින්ට හිමිවූ අතර දුප්පත් ධීවරයින් ළඟ 'වල්ලම් ' තිබිණි. මේ ආරවුලට මූලික වශයෙන් හේතු වුණේ අසමාන ලෙස සම්පත් බෙදී ගොස් තිබූ වාතාවරණයක, තම මාළු දේශීය වෙළෙන්දන්ට අලෙවි කළ හැකි ඇල ප්‍රදේශයේ බෝට්ටු නැවැත්වීම සඳහා ධීවරයින් දෙපිරිස අතර තරගයක් ඇති වීමය. ඔවුන්ගේ යාත්‍රාවල වේගය සහ ප්‍රමාණය නිසාම මෙම ප්‍රදේශයට ප්‍රවේශ වීමේදී වල්ලම්වලට වඩා ෆයිබර් ග්ලාස් බෝට්ටුවලට වාසියක් තිබීම දෙපාර්ශවය අතර මතභේද කිහිපයකට තුඩු දුන්නා.



මේ ආරවුල් බොහෝ විට උත්සන්න වුණේ, අපේ ගමේ සමගියට අහිතකර බලපෑම් ඇතිකරමින්. මෙම ගැටළු විසඳීමට, මගේ කණ්ඩායමත් මමත් අපගේ Active Citizens පුහුණුවේ දැනුම සහ කුසලතා භාවිතා කරලා ප්‍රදේශයේ ප්‍රජා පාදක සංවිධානයක් සහ ධීවර සමුපකාර සමිතිය අතර සාකච්ඡා සඳහා පහසුකම් සැලසුවා වගේම, ෆයිබර් ග්ලාස් බෝට්ටු සහ වල්ලම් හිමිකාරීන් සමගත් වෙනම සාකච්ඡා පැවැත්වූවා. අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතුළුව සිදුවුණ මේ මූලික රැස්වීම් තුලින්, මේ කණ්ඩායම්වලට තමන්ගේ තරගකාරී අවශ්‍යතා අවබෝධ කර ගැනීමටත් විශාල ප්‍රජා සංවාදයක් සඳහා වේදිකාව සැකසීමටත් උදව් වුණා, ඒ වගේම එහිදී අපි අපගේ සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියේ අරමුණු සහ ක්‍රමවේදයන් පැහැදිලි කළා.


ප්‍රජාව එක්රැස් කිරීමට අපි, දකුණු ආසියාතික ක්‍රිස්තියානි ප්‍රජාවන්හි බහුලව දක්නට ලැබෙන, සංස්කෘතිකමය වශයෙන් වැදගත් ආගමානුබද්ධිත සංකල්පයක් වන ‘අන්බියම්’ (Anbiyam) භාවිතා කළා. අපි මෙතනදී කළේ පවුල් 10-15 ක් එකතු කර ආහාර බෙදා ගැනීමටත් සාමූහිකව කාලය ගත කිරීමටත් පොළඹවා, ඒ මගින් සමගිය පිළිබඳ හැඟීමක් සහ අවබෝධය පෝෂණය කිරීමයි. මීට අමතරව, අපි කලින් සහභාගී නොවූ අයගේත් වැඩි සහභාගීත්වයක් තිබුණු සාර්ථක ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කළා. අන්බියම් සහ ශ්‍රමදානය ප්‍රජා සාමාජිකයින් අතර (විශේෂයෙන් ධීවරයින් අතර) සංවාදයට ඉඩ සලසලා , ආරවුල් ඇති කණ්ඩායම් අතර වඩා හොඳ අවබෝධයක් ගොඩනගන්න උදව් කළා. මෙහි අවසන් ප්‍රතිපලය වුණේ, ධීවරයින් දෙපිරිසටම ඇළට වඩාත් සාධාරණ ප්‍රවේශයක් ලැබීමට ඉඩසැලසීමයි.


පුද්ගලිකව මට නම්, Active Citizens පුහුණු වැඩසටහන අතරතුර විකල්ප ආරාවුල් නිරාකරණය (ADR) ගැන ඉගෙනීම ජීවිතය වෙනස් කරන අත්දැකීමක් වුණා. එය ප්‍රජා ගැටුම් හැසිරවීමේ කුසලතා වලින් මා සම්පූර්ණ කළා විතරක් නෙවෙයි, මගේම පවුල සමගත් මගේ ආරවුල් විසඳීමේ කුසලතා වැඩි දියුණු කළා. Active Citizensවරුන් වශයෙන්, අපේ ප්‍රදේශයේ ප්‍රජාව ඇතුලත ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ පවත්වා ගැනීමේ අපේ හැකියාව වැඩි දියුණු වුණා වගේම, නිල වශයෙන් සන්නිවේදන කටයුතු කිරීම වගේම විවිධ පාර්ශවකරුවන් සමග නියැලීම ගැනත් අගනා අත්දැකීම් අපි ලබා ගත්තා.



ADR පුහුණුව අපගේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට බොහෝ සෙයින් ඉවහල් වුණා.  එයින් කැපී පෙනෙන ජයග්‍රහණයක් තමයි ධීවර සමූපකාර සමිතියේ සභාපතිවරයාත් Active Citizens ස්වේච්ඡා ක්‍රියාකාරීවරයෙකු හැටියට සම්බන්ධ වීම. ADR පුහුණුවෙන් සහ සමාජ සේවයේ මගේ සම්බන්ධයෙන් උගත් දේවල් නිසාම, මම මගේ ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ (RDS) විධායක කමිටු සාමාජිකයෙකු වී මෙම ක්‍රමවේදය භාවිතා කර ආරවුල් විසඳීමට අපේක්ෂා කරනවා. ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා තරුණයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය සහ ඒවායේ ඔවුන්ට ලැබෙන පිළිගැනීම මගේ ගමේ තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරනවා.

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
LOGOs FInal-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

This website was created and maintained with the financial support of the European Union. Its contents are the sole responsibility of the British Council and do not necessarily reflect the views of the European Union.

© 2021 by Supporting Effective Dispute Resolution, British Council

bottom of page