top of page

🔥ගිනි සිසිල | නීරුම් නෙරුප්පුම් 🌊

ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශය සමග එක්ව ශ්‍රී ලංකාවේ සමථකරණ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ 'ගිනි සිසිල (නීරුම් නෙරුප්පුම්)' ජාතික මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළේය.

ගිනි සිසිල (නීරුම් නෙරුප්පුම්) යනු සාම්ප‍්‍රදායික ගිනි නැටුමකට යොමු වන දෘෂ්ටිවාදයකි. එහිදී සිදුකරන්නේ නර්තන ශිල්පියෙකු විසින් තම මුඛයෙන් ගින්නක් නිවා දැමීමයි. ප‍්‍රජා මැදිහත්වීම හරහා ආරවුල් විසඳීම සඳහා සංවාදය භාවිතා කිරීමේ වැදගත්කම මෙම රූපණය තුළින් පෙන්වාදෙනු ලබයි. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ එළිමහන් තණතිල්ලේ පැවති මෙම සමාරම්භක උත්සවයට මෙම ව්‍යාපෘතියේ පූර්ව ප‍්‍රචාරක පටයක් ප‍්‍රදර්ශනය කිරීම මෙන්ම එහි තේමාව විදහා දක්වන තෝරාගත් කතාන්දරයන් කිහිපයක් ඉදිරිපත්කිරීම සහ සාම්ප්‍රදායික නර්තනයන්ද අඩංගු විය.

එම අවස්ථාවේ විශේෂාංග කිහිපයක් මෙන්න:



72 views0 comments
bottom of page