top of page

Thengamalai - A village with no name


මගේ නම නැන්සි, මම ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටි මොණරාගල නගරයේ වාසය කරන Active Citizen කෙනෙක්. අපි විසඳා ගැනීමට ගත් ප්‍රශ්නය සිංහල දෙමළ දෙපිරිසම පදිංචිව සිටින අසල පිහිටි තේංගාමලෛ[1] ගම්මානය හා සම්බන්ධයි. දුප්පත් ග්‍රාමීය ගම්මානයක් වූ තේංගාමලෛ, ප්‍රථමයෙන් සිංහල ජනතාවගෙන් ද පසුව දෙමළ ජනතාවගෙන් ද ජනාකීර්ණ වුණා. ගමට ‘තේංගාමලෛ’යන නම භාවිත කිරීම සිංහලයන් ප්‍රතික්ෂේප කළ බවත් එයින් බොහෝ දුෂ්කරතා ඇති වූ බවත් අපට දැනගන්නට ලැබුණා. ගමේ මිනිසුන් පසුගිය කාලයේ වාර්ගික ප්‍රශ්නවලට මුහුණ දී තියෙනවා, ඒ වගේම සිංහලයන් අසල වෙනත් සිංහල ගමක් සමග එක්ව පෙළ ගැසුනු බවත්, ඔවුන් එම ලිපිනය භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ බවත් අප දැනගත්තා.


ප්‍රශ්නය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අපි ගම්වාසීන් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කළා. මේ ප්‍රශ්නය නිසා ඇතැම් නිවැසියන්ට නිවෙස්වලට ලිපි නොලැබුණු බවත්, ඇතැම් ලිපි වෙළෙඳසල්වලට ලබාදීම නිසා ගම්වැසියන් අතට ප්‍රමාද වී ලැබෙන බවත් අපට දැනගන්නට ලැබුණා. උදාහරණයක් ගත්තොත්, දේවන් ගුරුතුමා කිව්වේ මේ ප්‍රශ්නය නිසා තමන්ට ග්‍රාම සේවක පත්වීම් ලිපිය නොලැබුණු බවයි. පාරවල් හොඳ නැති නිසා ගම්වාසීන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමේ ගැටලුවලට මුහුණ දෙන අතර බස්වලින් බැස යන විටත් ගැටලුවලට මුහුණ දෙනවා.


අප සොයාගත් ප්‍රධානතම කරුණක් වුණේ නගරයේ නාම පුවරුවක් නොතිබීමයි.


අපගේ Active Citizens පුහුණු වැඩසටහනේ කොටසක් වූණු විකල්ප ආරවුල් නිරාකරණ ක්‍රම භාවිතා කරමින් මෙම ගැටළුව විසඳීමට ක්‍රියා කළහැකි කරුණු 8ක් අපි හැඳිනගත්තා. අපි මුලින්ම ග්‍රාම සේවක හරහා මේ ප්‍රශ්නය ගැන කතා කරලා, ඊට පස්සේ ගමේ ආගමික නායකයන්, රජයේ සේවකයන්, ප්‍රජා නියෝජිතයන් සමඟත් සාකච්ඡා කළා. පසුව අපි සිංහල හා දෙමළ ගම්වාසීන්ට වෙන වෙනම කතා කළා. ඊට පස්සේ අපි සිංහල දෙමළ ගම්වාසීන් එකතු කරගෙන මේ ප්‍රශ්නය සාමූහිකව සාකච්ඡා කළා. ජනතාව සමඟ මේ වගේ බොහෝ විස්තර සාකච්ඡා කිරීමෙන් පස්සේ අපි ජනවර්ග දෙකම සහභාගි කරගෙන ගමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කළා. අන්තිමට අපි, ඌව ප්‍රදේශයේ ප්‍රජා ගුවන්විදුලියේ සිංහල දෙමළ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් "ජනහඬ" කියලා වැඩසටහනක් කරලා, ගමට නාමපුවරුවක් තිළිණ කළා.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී අපි අභියෝග කිහිපයකට මුහුණ දුන්නා.


මේ වගේ උත්සාහයකට මිනිස්සු සහභාගී කරවීම අපට අතිශය දුෂ්කර වැඩක් වුණා. දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු අවිශ්වාසයයි සැකයයි නිසාම මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ජනවාර්ගික කණ්ඩායම් දෙක එකට ගෙන ඒම දඅපහසු වුණා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න රටේ පවතින ආර්ථික අර්බුදයත් අපට අභියෝගක් වුණා. මේ නිසාම අපට යම් යම් ප්‍රමාදඇති වෙලා, මාස තුනකින් අවසන් කරන්න තිබුණු මේ ව්‍යාපෘතිය මාස 6ක් වනතුරු දීර්ඝ කරන්න අපට සිදු වුණා.


අපේ ව්‍යාපෘතිය අඩුපාඩු නැතිව සම්පූර්ණයෙන් අවසන් කළ බව අපේ විශ්වාසයයි.


මේ දේ කිරීමෙන් විශාල ජයග්‍රහණ කිහිපයක් ලබා ගන්න අපට පුළුවන් වුණා. ගමේ ග්‍රාම සේවක, ආගමික නායකයන්, රජයේ සේවකයන් සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගන්න අපට හැකි වුණා. සිංහල හා දෙමළ ජනතාව අතර වඩාත් සුහදතාවය ඇති කරන්න අපට හැකි වුණා වගේම, සිංහල මිනිසුන් අප (දෙමළ ගම්වාසීන්) සමඟ සමීපව කටයුතු කිරීම අත්විඳින්න අපට හැකි වුණා. මේ ක්‍රියාකාරකමට දේශීය පාර්ශාවකරුවන් විශාල පිරිසක් එක් කර ගන්න අපට පුළුවන් වුණු බව සඳහන් කිරීම වැදගත්. මෙයට Active Citizens පුහුණු වැඩසටහනට සහභාගී වුණු අපෙන් ඔබ්බට ගිහින් ආගමික, ප්‍රජා සහ රාජ්‍ය නායකයින් පවා ඇතුළත් වෙලා, ගම්වාසීන් අතර වඩා හොඳ සබඳතා ඇති කරන්නත් උපකාරී වුණා.

[1] මෙය දෙමළ භාෂා සම්බවයක් ඇති නමකි.

5 views0 comments
bottom of page