top of page

Strengthening A Just Alternative - Policy Brief Event

කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේ පැවති මෙම එළිදැක්වීමේ උත්සවයට අධිකරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන (අතුරුකාලීන) සංවර්ධන සහයෝගිතා ප්‍රධානී, බියට්‍රිස් බුසී මහත්මිය, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති ගරු විනිසුරු යාපා මහතා සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී වූහ.


සමථකාරවරුන් සඳහා සමථකරණ පුහුණුව සහ ධාරිතා ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම, සමථකරණය සහ ADR පිළිබඳ මහජන දැනුවත්බව වැඩිකිරීම සහ ශ්‍රී ලංකාව තුළ සමථකරණය සඳහා නීතිමය සහ නියාමන රාමුව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම ප්‍රතිපත්ති සංක්‍ෂිප්තය අවධාරණය කරයි. ප්‍රධාන සමීක්ෂණ සොයාගැනීම් අතරින් සමහරක් වන්නේ:

  • ප්‍රජා සමථ මණ්ඩලවලට ප්‍රවේශ වූවන්ගෙන් 89%ක් ප්‍රකාශ කළේ තම ආරවුල් නිරාකරණය වූ ආකාරය පිළිබඳව සෑහීමකට පත්වන බවයි.

  • ප්‍රජා සමථ මණ්ඩල භාවිතා කළ පුද්ගලයන්ගෙන් 80%ක් අනාගතයේදී ඒවා නැවත භාවිත කිරීමේ සම්භාවිතාවක් ඇත.

  • බොහෝ ප්‍රතිචාර දැක්වූවන් තහවුරු කළේ සාම්ප්‍රදායිකව විධිමත් යුක්තිය පසිඳලීමේ ක්‍රම භාවිතා කරනවාට වඩා, ඔවුන්ගේ ආරවුල් නිරාකරණය සඳහා ප්‍රජා සමථ මණ්ඩල භාවිතා කිරීම හෝ ආගමික නායකයින් වෙත යාම වඩාත් ලාභදායී සහ වේගවත් බවයි.

  • ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 73% ක්, විශේෂයෙන් තරුණ ප්‍රජාව, පෙන්වා දෙන්නේ ඔවුන් ප්‍රජා සමථ මණ්ඩල ක්‍රියාවලීන් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට කැමති බවයි.

  • ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 67% ප්‍රකාශ කළේ ඕනෑම ADR සංසදයක පිරිමි සහ ගැහැණු සමාන නියෝජනයක් තිබිය යුතු බවයි.


SEDR හි https://www.sedrsrilanka.org/resources වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන්, ප්‍රතිපත්ති සංක්ෂිප්තය ඉංග්‍රීසි සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් ලබාගත හැකිය.




 
 
 

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අ�වසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page