top of page

Diversity creates dimension

SEDR Team

මම ශ්‍රී ලංකාවේ වයඹ වෙරළ තීරයේ සිලාවතුරෙයි හි පදිංචි අමීරුන් නිශා. මම ආඩම්බර තනිකඩ මවක් සහ ප්‍රජා ක්‍රියාකාරිණියක් වන අතර විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටිනවා වෙනුවට කාන්තාවන් වශයෙන් අපට එය එකිනෙකා වෙනුවෙන් එකට නිර්මාණය කළ හැකි යැයි විශ්වාස කරන කෙනෙක්. මම වසර ගණනාවක් සමාජ ක්‍රියාකාරිණියක් හැටියට කටයුතු කරලා තියෙනවා. ප්‍රජා ක්‍රියාකාරකම් කියන්නේ විවිධ පැතිකඩ හා මානයන් තියෙන දෙයක් වගේම විවිධ දෘෂ්ටිකෝණවලින් දේවල් දෙස බැලීම සහ සම්මුතිය ගොඩනැගීම එතුලින් සිදුවෙන බවයි මම දකින්නේ.

SEDR Active Citizen කෙනකු වීම සහ Active Citizens ගමන තුළ නිරතවූ නිසා, අප ලැදියාවක් දක්වන දෙයක් තුලින් වෙනසක් ඇති කිරීමට අපගේ කුසලතා භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට අපට හැකි වූ බව මට වැටහුනා. (වෘත්තීය සහ ආයතනික) ජාල, බලය හා යාවූ හැසිරීම් රටා, විකල්ප ආරවුල් විසඳීමේ ප්‍රවේශයන් සහ කණ්ඩායම් වැඩ පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්නා අතරම, පර්යේෂණ හරහා අපගේ ගැටලු හැසිරවීමට අපි ඉගෙන ගත්තා.

අපගේ ප්‍රජාව වෙනුවෙන් වැඩ කිරීම අපව පොළඹවන සාධකයක් වුණාට අපගේ ප්‍රජාවේ ආගමික සිරිත් විරිත්, ඇදහිලි සහ සීමාවන් හේතුවෙන් ඒ ප්‍රජාවෙන් පැමිණුනු අභියෝගවලටමුහුණ දීමට අපට සිදු වුණා. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව කුල භේදයකින් තොරව ආගම් භේදයකින් තොරව ජනතාව ඒකරාශී කිරීමේ යම් යම් ක්‍රියාකාරකම් සපල කිරීමට අපි අරගල කළා. කිසිදු භේදයකින් තොරව සියලු දෙනා ඇතුළත් කර ගැනීම සඳහා විකල්ප ප්‍රවේශයන් සහ ක්‍රියාකාරකම් සෙවීමට අපට නිතැතින්ම සිදුවුණා. සියලුදෙනා එකතු කර ගෙන සමාජයක් ලෙස ඉදිරියට යන්න නම් ඒ සෑම කෙනෙකුගේම අවශ්‍යතා එක හා සමානව සපුරන්න අවශ්‍ය බවත් මෙම ක්‍රියාවලිය තුළින් අපි තේරුම් ගත්තා.

ගම් දෙකටම පොදු ක්‍රීඩා පිටියක් අවශ්‍ය සිලාවතුරෙයි සහ කූලන්කුලම ගම් දෙකේ දීර්ඝකාලීන සිහිනයක් ඉටුකර ගැනීමට මේ ගමන හරහා අපට හැකි වුණා. අපගේ සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතිය (SAP) හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ[1], වාරිමාර්ගදෙපාර්තමේන්තුවේ, ගොවි සමිතියේ සහ ප්‍රදේශයේ ප්‍රජා සහයෝගය සහ මැදිහත්වීම යොදාගෙන, ගම්මාන දෙකේම අපගේ දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් දියුණු කිරීමට, ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා කැප වූ ඉඩමක් තාවකාලිකව ලබා ගැනීමට අපට හැකි වුණා. මෙම SEDR Active Citizens ගමන මගේ කණ්ඩායමට සහ මට අපගේ සමාජයේ විශාල පැතිකඩක් නියෝජනය කරන පාර්ශවකරුවන්ගේ ගෞරවය දිනාගන්නත් ඔවුන් සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිකරගන්නත් අවස්ථාව සැලසුවා.












[1] ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය සේවා සපයන ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන ඒකක වේ. මහජනතාවට සේවා සැලසීමට අමතරව, නිශ්චිත කොට්ඨාශයක් තුළ සිදුවන සියලුම සංවර්ධන කටයුතු මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතු වේ.

33 views0 comment

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
LOGOs FInal-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

This website was created and maintained with the financial support of the European Union. Its contents are the sole responsibility of the British Council and do not necessarily reflect the views of the European Union.

© 2021 by Supporting Effective Dispute Resolution, British Council

bottom of page