top of page

The World Justice Forum, The Hague - Netherlands

Updated: Aug 11, 2022

මැයි 31 වන දින, නෙදර්ලන්තයේ හේග් නගරයේදී පැවැත්වුනු ජගත් යුක්ති සමුළුව 2022 දී ශ්‍රී ලංකාවේ ජාතික සමථකරණ වැඩසටහන නියෝජනය කළ පිරිස, "යුක්තිය සඳහා මාර්ග: දේශීයකරණය වූ ප්‍රජා විසඳුම් සඳහා ඵලදායී මෙවලම්" යන තේමාව යටතේ ක්‍රියාකාරී සැසිවාරයකට සහභාගී වූහ. මෙම සැසියේදී සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමථකරණ පුහුණු නිලධාරීන් දෙදෙනෙකු සහ ස්වේච්ඡා සමථකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවේ සමථකරණය විවිධ පැතිකඩ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සාකච්ඡා කළහ. එය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ලෙස ඔවුන්ගේ දැනුම, කථාන්දර සහ අත්දැකීම් තුලින් ලද සූක්ෂම ඥානය බෙදාගත් උද්වේගකර සැසියක් විය.


නෙදර්ලන්තයේ හේග් නගරයේදී පැවැත්වුනු ජගත් යුක්ති සමුළුව 2022 මතකයේ රැඳෙන වැඩසටහනක් විය. ශ්‍රී ලංකාවෙන් පැමිණි නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ සමථකරණය පිළිබඳ ඔවුන්ගේම අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාවක් ලැබුණා පමණක් නොව, කණ්ඩායම කියා නිමකළ නොහැකි ක්‍රියාකාරී සැසිවාර ගණනාවක කොටසක් ද විය. නීති ප්‍රතිසංස්කරණයේදී යුක්තිය පිළිබඳ මහජන අවශ්‍යතා කේන්ද්‍රගත කරන අයුරු, ප්‍රජා යුක්තිය, අධිකරණ ක්‍රියා පටිපාටි ඩිජිටල්කරණය, සහ සාධාරණ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් කරන්නේ කුමක්ද යන තේමාවන් මතවූ සැසිවාර මෙහිදී දැකගත හැකිවිය. මෙහිදී ශ්‍රී ලංකාවෙන් පැමිණි නියෝජිත පිරිස යුක්තිය සඳහා ප්‍රවේශය ගැන දැඩි උනන්දුවක් දක්වන යුක්තිය පිළිබඳ වෘත්තිකයන් මෙන්ම ප්‍රතිසංස්කරණ මානසිකත්වයෙන් කටයුතු කරන අධිකරණ නිලධාරීන් ද හමුවූහ.



Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අවසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page