මගේ නම මෞමිකා කෞශානි, මගේ වයස අවුරුදු 21. මම SEDR ව්‍යාපෘතියේ[1] කොටසක් හැටියට ශ්‍රී ලංකාවේ ඌව පළාතේ කොට්ටල්බැද්ද ගම්මානයේ[2] පවත්වපු සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියක (SAP) කණ්ඩායම් නායිකාවක්. ‘බෙදී ගිය ප්‍රජාවක් එක්සත් කිරීම' නමින් වුණු අපේ ව්‍යාපෘතිය, ස්වින්ටන් තේ වතුයායේ වල්ලුවපුරම්, භාරතීපුරම් සහ අම්මන්පුරම් කියන ප්‍රජාවන් තුනක දෙමළ හින්දු ජනගහනය එක් කිරීම කෙරෙහි අවධානය යොමුකළා.
අපේ ප්‍රජාවේ ප්‍රධාන ප්රශ්නය පැන නැගුණේ වල්ලුවපුරම් වැසියන් විසින් ස්වින්ටන් කෝවිල[3] තමන් විසින් පමණක් පරිහරණය කිරීමත්, ඒ හේතුවෙන් ආගමික කටයුතුවලට සහභාගි වෙන්න අනෙකුත් ප්‍රජාවන් දෙකට සමාන ඉඩක් ලබා නොදීමත් හේතුවෙන්. මේ නිසා අවුරුදු
පහකට කලින් පැවති උත්සවයක් අතරතුර ප්‍රශ්න ඇතිවෙලා ප්‍රචණ්ඩත්වයට පවා හේතු වූ අතරම එයින් පස්සේ කණ්ඩායම අතර සබඳතා පිරිහුණා.
SEDR Active Citizens වැඩසටහනේ අංගයක් හැටියට, ගැටළු විසඳීමේ විශාල ක්‍රියාවලියේ එක කොටසක් ලෙස, ආරවුලක මූල හේතුව මුලින්ම හඳුනා ගැනීමට අපට ඉගැන්වූ විකල්ප ආරවුල් නිරාකරණ (ADR) පුහුණුව අපි ලබා ගත්තා. මෙය මනසේ තබාගෙන අපගේ SEDR Active Citizens කණ්ඩායම වෙන වෙනම ගම්මාන තුනට ගොස් මෙම ගැටුම්වලට මූලික හේතු සහ ප්‍රජාව සමඟ එකතුවෙන් ඒවා විසඳීමට අපගේ සැලැස්ම සාකච්ඡා කළා.
අපි කෝවිලේ අයියර් තුමාට සහ ග්‍රාම නිලධාරීවරයාට[4] කතා කරලා අපගේ මුලපිරීම ගැන දැනුම් දුන්නා. ඉන් පස්සේ අපි පොලිසිය, අයියර් තුමා සහ අනෙකුත් ගම්වැසියන් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන්ට විශේෂ සැසියකට ආරාධනා කරලා අපගේ SEDR Active Citizens සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කළා. අපි කෝවිල් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කළා ආගමික කටයුතුවලට සහභාගි වෙන්න ගම් තුනටම එක හා සමානව අවස්තාවක් ලැබෙන කාල සටහනක් සකසන්න. මේ මුලපිරීම තුලින් ප්‍රජාවන් අතර එකමුතු බව වර්ධනය කරන්න, ගම් තුනේම සහභාගිත්වයෙන් කෝවිල පිරිසිදු කිරීමේ සාර්ථක ශ්‍රමදාන[5] ව්‍යාපාරයක් සහ විශාල හින්දු යාඥා චාරිත්‍රයක් ද ඉටුකරන්න පුළුවන් වුණා.
මීට අමතරව, අපි එහි වැදගත්කම ගැන දැනුවත් කිරීම සඳහා ප්‍රජා සාමාජිකයින් සහ තරුණ ප්‍රජාවට ADR පිළිබඳ කුඩා වැඩමුළුවක් පැවැත්වූවා. අපි සාකච්ඡා කරලා ගම් තුනේම තරුණ තරුණියන් නියෝජනය කරමින් තරුණ සංගමයක් පිහිටුවා ගත් අතර, ඒක දැන් ප්‍රදේශයේ පවත්වන සමාජ, සංස්කෘතික හා ක්‍රීඩා කටයුතු අධීක්ෂණය කරනවා. උදාහරණයක් හැටියට, අපි තරගාවලි දෙකක් සංවිධානය කළා - එකක් සියලුම තරුණයින්ට සහ අනෙක ගම් තුනේම ගැහැණු ළමයින්ට. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට තියපු තරගාවලිය දුර්ලභ වගේම සාර්ථක ඉසව්වක් වුණු අතර, එය තවදුරටත් ප්‍රජා එකමුතුව ගොඩනැංවූවා.
මෙම මැදිහත්වීම් හරහා අපි ධනාත්මක වෙනස්කම් දැක තියෙනවා. ළමුන් සඳහා හින්දු ආගමික පාසලක් කෝවිලේ නැවත ආරම්භ කරලා දැන් සතිපතා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාවන් තුනේම උද්යෝගිමත් සහභාගීත්වයෙන්.
SEDR Active Citizens වැඩසටහන හරහා මා ලැබූ ADR පුහුණුවෙන් මම ඉගෙන ගත්තේ ගැටුම් විසඳීමට පොලිසිය මත යැපීම පමණක් ආරවුල්වලට නිරාකරණයක් නෙවෙන බවයි. මම සමස්ථ ගැටළු විසඳීම සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ කුසලතා ද ලබා ගතතා. ඒ වගේම දෙමළ ප්‍රජාවන් සමඟ වැඩ කරන සිංහල කාන්තාවක් හැටියට, මම වටිනා ජාල ගොඩනඟා ගෙන සංස්කෘතික වෙනස්කම් තුලින් වඩා හොඳින් සැරිසැරීමට ඉගෙනගෙන ගත්තා.
මුලදී, අපගේ ව්‍යාපෘතිය ගැන සැකයෙන් බැලුවා වගේම වැඩිමහල් තේ වතු කම්කරුවන් සහ පළාතේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය අඩු වුණා. කෙසේ වෙතත්, අපේ නොපසුබස්නා උත්සාහයත් ඌව ශක්ති පදනමේ සහ SEDR හි සහයෝගයත් එක්ක, අපි ඔවුන්ගේ සහභාගීත්වය සහ සහයෝගය ලබා ගත්තා.
පුද්ගලිකව, සමාජය සමඟ සම්බන්ධ වෙන්න වගේම බහු වාර්ගික පරිසරයක වැඩ වෙගේම තියෙන මගේ හැකියාව වර්ධනය වෙලා තියෙනවා. කණ්ඩායමක් වශයෙන්, අපේ කණ්ඩායමේ සිටින දෙමළ තරුණ තරුණියන්ට දැන් ඔවුන්ගේ ගම්වල වැඩි පිළිගැනීමක් තියෙන බවත්, විශ්වාසයෙන් යුතුව සමාජ කටයුතුවලට සහභාගී වන බවත් දැකීමෙන් අපි සතුටු වුණා.
ඉදිරිය දෙස බලන කොට, මගේ ප්‍රජාව තුළ මේ කාර්යය දිගටම කරගෙන යන්න මම කැපවී සිටිනවා. මේ සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ කොටසක් හැටියට අපි පිහිටුවපු තරුණ සමාජයට මම දිගටම නායකත්වය දෙන අතර කල්පවත්නා බලපෑමක් ඇති කරන්න මගේ සමාජ නායකත්ව කුසලතා තවදුරටත් වැඩිදියුණු කිරීම මගේ අරමුණයි.
[1] ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ස්ථානයකි.
[2] ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ක්‍රියාත්මක කෙරෙන විකල්ප ආරවුල් නිරාකරණ ව්‍යාපෘතියකි.
[3] දෙමළ හින්දු කෝවිලක්.
[4] ‘ග්‍රාම නිලධාරී’ යනු සීමා නිර්ණය කළ ප්‍රදේශයකට වගකියන, ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ පරිපාලකයෙකු වේ.
[5] ශ්‍රමදානය යන්න "ශ්‍රමය දන් දීමක්" වන අතර එය ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ, පුද්ගලයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී තමන් අයිතිවන ප්රජාවකට සහාය හෝ සේවාවන් සපයන වැඩසටහනක් හෝ ව්‍යාපෘතියක් අදහස් කරයි.
Comments