top of page

Light for Kick: ක්‍රීඩාව තුළින් එකමුතුකම සොයා ගැනීම

Updated: Feb 12, 2023


මම ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ඉරක්කාමම්හි මොහොමඩ් රෂීඩ් නස්රුල්ලා. මම සමාජයේ වෙනසක් ඇති කිරීමට දැඩි උනන්දුවක් දක්වන නිසාම SEDR Active Citizens ගමනේ කොටස්කරුවෙකු වීමට මා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර, එමඟින් සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියක් (SAP) දියත් කිරීමට අපට අගනා අවස්ථාවක් ලැබුණි.


ඉරක්කාමම්හි අප වෙසෙන ප්‍රදේශයේ පොදු පාසල් ක්‍රීඩාංගනයකදී ප්‍රධාන වශයෙන් ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන යෞවනයන් අතර ඇති වූ ආරවුල නිරාකරණය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීම මත අප කණ්ඩායම ඊට පිළියම් ඉදිරිපත් කළේය. මෙමගින් කණ්ඩායම් අතර සමගිය වැඩි දියුණු කිරීමත්, ක්‍රීඩා පිටිය භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ සමාන අවස්ථා බෙදා හදා ගැනීමට ක්‍රීඩා සමාජ අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමත් අපේක්ෂා කරන ලදී. මෙම ව්‍යාපෘතියට ඉරක්කාමම් ප්‍රජාවේ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩකයින් 300 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා දීමේ අවකාශය තිබූ අතර, අපගේ උද්‍යෝගිමත් Active Citizens කණ්ඩායම් සාමාජිකයින් පෙළඹවූයේ මෙයයි. අපගේ ප්‍රධාන අරමුණ වූයේ තරුණ ප්‍රජාව තුළ සහජීවනය ඇති කිරීම සහ සෑම විටම සමගිය දිරිමත් කිරීමයි.


එම ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු සඳහා සුදුසු එක් ක්‍රීඩා පිටියක් පමණක් තිබූ බැවින් එය භාවිතය සම්බන්ධයෙන් නිතර වාද විවාද ඇතිවූ අතර, විටෙක ශාරීරික කලහයන් පවා ඇති වී තිබේ. එනිසා අපගේ සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියෙහි අවධානය යොමු වූයේ මෙම ගැටලුවට විසඳුමක් සෙවීමටයි. එමගින් අපි අදහස් කළේ ක්‍රීඩා කණ්ඩායම් තුන අතර ඵලදායී සාකච්ඡා සහ සහයෝගීතාව ඇති කිරීම තුළින් ඔවුන් සියලු දෙනාටම ගැටුමකින් තොරව එකම පිටිය භාවිත කළ හැකි යාන්ත්‍රණයක් ඉදිරිපත් කිරීමට ඔවුන් දිරිමත් කළ හැකි බවයි.


අපි ක්‍රියාකාරකම ආරම්භ කළේ පාසලේ විදුහල්පතිවරයා, ප්‍රජා සමථ මණ්ඩලය[1] සහ ක්‍රීඩා කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමෙන්ය. ක්‍රීඩා සමාජ දෙකේ ප්‍රධාන සාමාජිකයින් සමඟ කතා කිරීමේදී, කණ්ඩායම් සියල්ලටම ක්‍රීඩා පිටිය ඵලදායි ලෙස භාවිතා කිරීමට හැකි වන පරිදි නිසි ස්ථාන වෙන් කිරීම සඳහා ඔවුන් කටයුතු කිරීමට එකඟ වූ අතර, ප්‍රාරම්භක සැලැස්මකට කණ්ඩායම් දෙකම එකඟ විය. එමෙන්ම, ප්‍රාදේශීය සභාවට[2] කරුණු ඉදිරිපත්කිරීමෙන් දීප්තිමත් විදුලි පහන් සවි කිරීමට ද යෝජනා කරන ලද අතර එමඟින් ක්‍රීඩා කරන කාලය සවස් වනතුරු දීර්ඝ කළ හැකි බවත් එමඟින් ක්‍රීඩා පිටිය වරකට කණ්ඩායම් දෙකකට භාවිතා කළ හැකි බවත් අවධාරණය විය.


ක්‍රීඩා සමාජ අතර පවතින ආරවුල දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර ඊට නිසි විසඳුමක් ලැබී නොමැත. ආරවුල් කෙතරම් බරපතළ වී තිබුණේ ද යත් බොහෝ අවස්ථාවලදී පොලිසියේ මැදිහත්වීම් සිදුවන අතර මෙම තරුණ ක්‍රීඩකයින්ගේ අනාගතයට බාධාවක් වීමට ඉඩතිබුණි. ක්‍රීඩා සමාජ එකට එකතු කර විසඳුමක් ලබා ගැනීම තරමක් අභියෝගයක් වුවද, පාසලේ විදුහල්පති, ප්‍රජා සමථ මණ්ඩලය සහ ක්‍රීඩා කණ්ඩායම්වල සක්‍රීය දායකත්වයෙන්, දිවා කාලයේ සහ සවස් වරුවේ කිසිදු ගැටුමකින් තොරව එකම ක්‍රීඩා පිටියක් භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපට හැකි විය. . මෙමගින් කණ්ඩායම් අතර පැවති ආතතීන් අවම කර ඔවුන් එක්සත් වූ අතර, ඔවුන් එක්ව පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට පවා සහභාගී වීමට එකඟ වූහ.


මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ක්‍රීඩා කණ්ඩායම් සඳහා පෘථුල ප්‍රවේශයක් ලැබෙන ක්‍රීඩා පිටියක් ඇති වූවා පමණක් නොව, සියලුම ප්‍රජාවන්ගෙන් විවිධ වූ යොවුන් ක්‍රීඩා නායකයින් පිරිසක් බිහි කිරීමේ හැකියාවද එයට ඇත. ආරවුල ක්‍රීඩා පිටියකට පමණක් අදාළ වුවද, එය ප්‍රාදේශීය ප්‍රජාව තුළ ඇති කර ඇති වෙනස නිසා එහි බලපෑම විශාල ය. ඕනෑම ක්‍රීඩාවකදී සැබෑ එකමුතුකම සහ ක්‍රීඩාශීලිත්වය වැදගත් බව ක්‍රීඩකයන්ට අවබෝධ කර ගැනීමට එමගින් ඉඩ සැලසී ඇත.

පුද්ගලිකව ගත් කල, බැලූ බැල්මට දේවල් පහසුවෙන් විසඳිය හැකි බව පෙනුනත්, ඇත්ත වශයෙන්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට පමණක් එහි ඇති සූක්ෂ්මතාවයන් අපට වැටහුණි. එමෙන්ම, එතුළින් අපට මිල කළ නොහැකි අත්දැකීම් සහ ආත්ම විශ්වාසයක් ලැබුණි.

[1] ශ්‍රී ලංකාව පුරා ප්‍රජා සමථ මණ්ඩල 329ක් ඇති අතර, ඒවායේ හොඳින් පුහුණු වූ ස්වේච්ඡා සමථකරුවන් 8,400කට වඩා වැඩි සංඛ්‍යාවක් දේශීය ප්‍රජාවන් තුළ වසරකට 200,000කට වැඩි ආරවුල් විසඳීමට උනන්දුව මත පදනම් වූ සමථකරණ ප්‍රවේශයන් භාවිතා කරති. [2] ප්‍රාදේශීය සභා යනු ශ්‍රී ලංකාවේ තෙවැනි-පෙළ නගර වල මුලසුන දරන ප්‍රාදේශීය වශයෙන් තේරී පත් වූ ව්‍යවස්ථාදායක ආයතන වේ.

8 views0 comments

අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
LOGOs FInal-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

This website was created and maintained with the financial support of the European Union. Its contents are the sole responsibility of the British Council and do not necessarily reflect the views of the European Union.

© 2021 by Supporting Effective Dispute Resolution, British Council

bottom of page