top of page

සමානාත්මතාවය, විවිධත්වය සහ අන්තර්කරණය පෝෂණය කිරීම



මෑතකදී SEDR විසින්, අපගේ වැඩකටයුතුවල සමානාත්මතාවය, විවිධත්වය සහ අන්තර්කරණයට කැපවූ දැඩි බලපෑමකින් යුත් වැඩසටහනක් සංවිධානය කරන ලදී. තීක්ෂණ දැක්මෙන් පිරි මෙම වට මේස සාකච්ඡාවේ විශේෂ අවස්ථා ඔබ සමඟ බෙදා ගැනීමට අපි සතුටු වෙමු.


පුද්ගල සහ ප්‍රජා මට්ටමේ දුක්ගැනවිලි සඳහා විකල්ප ආරවුල් නිරාකරණ සේවා වැඩිදියුණු කිරීමේ අපගේ කැපවීමේ අංගයක් ලෙස, SLGBTQIA+ ප්‍රජාව මුහුණ දෙන අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව අපි අවධානය යොමු කළෙමු. මෙම සංවෘත සැසිය විවෘත සංවාදයක් සහ අර්ථවත් හුවමාරු සඳහා ආරක්ෂිත අවකාශයක් ලබා දුන්නේය


වට මේස සාකච්ඡාවේ අරමුණු වූයේ:

  • SEDR හි කාරියභාරය සහ ශ්‍රී ලංකාවේ ජාතික සමථකරණ වැඩසටහන සඳහා අප ලබාදෙන සහයෝගය පිළිබඳ තොරතුරු බෙදා ගැනීම.

  • LGBTQIA+ ප්‍රජාව විසින් සමථකරණ සේවාවන් වෙත ප්‍රවේශ වීම සහඋපයෝජනයේදී පවතින හෝ මුහුණ දිය හැකි බාධක තේරුම් ගැනීම.

  • විකල්ප ආරවුල් නිරාකරණසේවාවන්හි හිඩැස් ආමන්ත්‍රණය කළ හැකි ආකාරය සාකච්ඡා කිරීම.

  • එම හිඩැස් ආමන්ත්‍රණය කිරීමේදී SEDR විසින් සිදුකළහැකි කාර්යභාරය සලකා බැලීම.

ප්‍රජා සාමාජිකයින්, ප්‍රවීණයන් සහ උපදේශකයින් ඇතුළු විවිධ අදහස් හා සම්බන්ධ වීමේ වරප්‍රසාදය අපට හිමි විය. සිතුවිලි උත්තේජනය කළ මෙම සාකච්ඡා, LGBTQIA+ ප්‍රජාව සඳහා අන්තර්කරණය සහ සහයෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා වටිනා දැක්මෙන් යුත් අදහස් ජනනය කළේය.


SEDR, වඩාත් අන්තර්කරණයට ලැදි සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපගේ නිපුණත්වය සහ සම්පත් උපයෝගී කර ගැනීමට කැපවී සිටී. එක්ව වැඩ කිරීමෙන්, අපට හිඩැස් නැති කිරීම, බාධක ආමන්ත්‍රණය කිරීම සහ විකල්ප ආරවුල් නිරාකරණ සේවාවන් සඳහා සෑම කෙනෙකුටම සාධාරණ ප්‍රවේශයක් ඇති බව සහතික කිරීම, කළ හැකිය.


වඩාත් අන්තර්කරණය වූ සහ සාධාරණ සමාජයක් ඇතිකිරීමට වෙර දරමින්, ආන්තික ප්‍රජාවන්ට සහය දැක්වීම සහ නඟා සිටුවීම සඳහා වූ අපගේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳ තොරතුරු සඳහා රැඳී සිටින්න.

 
 
 

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අවසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page