top of page

SEDR Active Citizens අත්දැකීම් බෙදාගැනීමේ සහ පුද්ගලික හඳුනාගැනීම් සංසදය 2024: තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ සමාජ බලපෑම

Updated: Jul 3, 2024


තරුණ තරුණියන් 60කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන්, 2024 SEDR Active Citizens අත්දැකීම් බෙදාගැනීමේ සහ පුද්ගලික හඳුනාගැනීම් සංසදය (ESNF) 2024 ජුනි මස මුල් සතියේ පැවැත්විණ. උද්යෝගයෙන් මෙම අවස්ථාවට සහභාගීවූ ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල තරුණ තරුණියන් තම ප්‍රජාව තුළ සිදු කරන ලද සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති, ඔවුන් මුහුණ දුන් අභියෝග සහ SEDR ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කළ විකල්ප ආරවුල් නිරාකරණ (ADR) පුහුණු සැසිවලදී ඔවුන් ලබාගත් කුසලතා එහිදී භාවිතා කළ ආකාරය යනාදිය පිළිබඳ ඉදිරිපත්කිරීම් සිදුකළහ.


මෙම සංසදය තරුණ තරුණියන්ට තම අත්දැකීම් පුද්ගලික සහ කණ්ඩායම් ආදෘෂ්ටිකෝණයන්ගෙන් බෙදා ගැනීමට වේදිකාවක් සලසා දුන් අතර, එම ක්‍රියාවලියේදී ඔවුන්ගේ වඩාත් දියුණු කළ ඉදිරිපත් කිරීම් සහ සන්නිවේදන කුසලතා ප්‍රදර්ශනය කළේය. Active Citizens පහසුකම් සපයන්නන්, උපදේශකයින් සහ SEDR ප්‍රවීණයන්ගේ සහාය ඇතිව, ‘පුද්ගලික සන්නාමකරණය: සමාජ මාධ්‍ය පැවැත්ම ප්‍රශස්ත කිරීම’ සහ ‘වනජීවී ඡායාරූප සමඟ ඡායාරූප මාධ්‍යකරණය’ වැනි ප්‍රයෝජනවත් මාතෘකා වටා කේන්ද්‍රගත වූ අන්තර්ක්‍රියාකාරී සැසි රැසක නිරත වීමට තරුණතරුණියන්ට අවස්ථාවක් ලබා දෙන ලදී.




මෙහිදී වැදගත් කරුණක් වන්නේ, ESNF සහභාගිවන්නන්ට ඔවුනොවුන්ගේ පුද්ගලික ගමන තුලින් රැස් කරගත් අදහස් සහ දැනුම බෙදාහදා ගැනීමට සහ ඔවුන්ගේ සමාජ නායකත්වයේ ප්‍රයත්නයන් දිගටම පවත්වා ගැනීමට හැකි වන බව සහතික කරමින්, පළාත් පුරා සිටින සම වයසේ මිතුරන් සමඟ ජාලගත වීමට සහ සම්බන්ධ වීමට අවස්ථාව ලැබීමයි. ප්‍රශ්නෝත්තර සැසි, ක්‍රීඩා, භූමිකා රඟදැක්වීම් ඇතුළත් බොහෝ විනෝදාත්මක සහ අන්තර්ක්‍රියාකාරී සැසි මධ්‍යයේ, අනාගතය සඳහා අධ්‍යාපනය, වෘත්තීන් සහ ස්වේච්ඡා ප්‍රජාවගේ සහභාගීත්වය අවධාරණය කරමින් ධනාත්මක මංපෙතක් සඳහා මාර්ග සිතියමක් ද සහභාගීවන්නන් විසින් නිර්මාණය කරන ලදී.


සමාජ නායකත්ව මුලපිරීම් සම්පූර්ණයෙන්ම දෘඩ විධිමත් කටයුතු නොවන බවට සම්බන්ධ වූ සියල්ලන්ටම සහතික කරමින්, මෙම වැඩසටහන සදා මතකයේ රැඳෙන සංස්කෘතික රාත්‍රියකින් අවසන් කරන ලදී ! තරුණ ප්‍රජාව එකිනෙකා අතර කල්පවත්නා සබඳතා ගොඩනඟා ගැනීමට සහ තවදුරටත් ප්‍රජා මැදිහත්වීම් සඳහා සහයෝගීතාව සහතික කිරීමට විවිධ නර්තන හා ගීත කලාකෘතීන් භාවිතා කළහ.




SEDR Active Citizens ESNF 2024 හි සෑම මොහොතකම පිරී පැවතුන ලැදියාව, කැපවීම සහ සුහදත්වය පිළිබඳ දෘශ්‍යමය අදහසක් ලබාගැනීමට පහත අපගේ ගැලරිය නරඹන්න!




 
 
 

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අවසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page