top of page

Fishermen’s journey towards the horizon


ree

මම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවක් වන සිලාවතුරෙයි ගම්මානයේ ජීවත්වන අබ්ශාර්. මම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙන් (SLIATE) කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරලා තියෙනවා. මම පාසල් යන කාලයේ සිටම ප්‍රජා ක්‍රියාකාරකම් හා සමාජ සේවා කටයුතුවල නිරත වුණා. SEDR Active Citizens ගමනට සහභාගි වීමට අවස්ථාව ලැබුණු විට මම සතුටට පත් වුණා. Active Citizens වේදිකාව මට ප්‍රජා සම්බන්ධවීම් සහ අපගේ ප්‍රජාවන්හි ගැටලුවලට ප්‍රවේශ වීමට නව්‍ය උපාය මාර්ග පිළිබඳ නව දෘෂ්ටිකෝණයන් ලබා දීලා තියෙනවා. ඵලදායිව ආරවුල් නිරාකරණයට සහාය වීම ගැන ඉගෙන ගැනීම විශේෂයෙන්ම මා වැනි තරුණයන්ට නියම තත්ත්වය අවබෝධ කරවන සැසියක් වුණා, මන්ද ගැටුම් ඇති වන විට අප දැන සිටියේ ප්‍රචණ්ඩත්වය සහ නීති පද්ධති ගැන සිතීම පමණයි. Active Citizens ගමනට සහභාගි වීමෙන් පසුව, විකල්ප ආරවුල් නිරාකරණ ක්‍රම මගින් ගැටුම් හැසිරවීම ගැන මා දැනුවත් වුණා.

අපගේ සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතිය (SAP) හරහා විසඳීමට අප භාරගත් ගැටලුව, ආගමික විශ්වාසයන් සහ අසමාන බලය බෙදා හැරීම හේතුවෙන් ධීවරයින්ට අසමාන ලෙස සැලකීම ගැන අපගේ ප්‍රජාව තුළ දිගුකාලීනව පවතින ගැටලුවක්. ගැටලුවේ සුලමුල හඳුනාගැනීමේදී ධීවර සමිතියට අදාළ සියලුම රැස්වීම් පැවැත්වෙන ධීවර පරීක්ෂක කාර්යාලය[1], වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා ඇති බවත් එතැන් සිට සාමාන්‍ය ධීවර කමිටු රැස්වීම සහ ධීවර ප්‍රජාවන් සම්බන්ධ අනෙකුත් රැස්වීම් විවිධ ස්ථානවල පවත්වන බවත් අපට සොයා ගැනීමට හැකි වුණා. පොදු ස්ථානයක රැස්වීම් පැවැත්වීමෙන් ප්‍රජාවන් අතර නොසන්සුන්තාවයන් අවම කර ගත හැකි අතර තත්වය ධනාත්මක ආකාරයකින් ලිහිල් කළ හැකි බව ද අපි තේරුම් ගත්තා. අපි අදාළ පාර්ශවකරුවන් සමඟ රැස්වීම් කිහිපයක් සංවිධානය කර තමන්ගේ ක්‍රියාවන්ට තමන්ම වගකිව යුතු බවට සහ තමන්ගේ ක්‍රියාවන් සඳහා තමන් වගකීම් බාර ගැනීමට ප්‍රජාවන් දැනුවත් කිරීම සඳහා සංසද නාට්‍ය උත්සවයක් පැවැත්වුවා. වාසනාවකට මෙන්, අපි අපේ SAP ක්‍රියාවට නංවන අතරතුර, ධීවර පරීක්ෂක කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමට බාහිර සංවිධානයක් ඔවුන්ගේ සහයෝගය ලබා දීමට ඉදිරිපත් වුණා. එමගින් අපගේ SAP යෝජනාව ලියන අතරතුර අපට අවශ්‍ය දේ සාක්ෂාත් කර ගැනීමට එය උපකාර වුණා. සම්පූර්ණ SEDR AC අත්දැකීම තුලින් මගේ

ආත්ම විශ්වාසය ඉහළ නංවා, මගේ දැනුම වැඩිදියුණු කර, මගේ ප්‍රාදේශීය ප්‍රජාවට සහාය වීම සඳහා වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම වීමට මගේ කුසලතා සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට මට උපකාර කර වෙලා තියෙනවා. සංඛ්‍යා වලට ශක්තියක් තිබෙන බවත් මට වැටහුණා. Active Citizen කෙනෙක් වීම අපේ හඬ විස්තාරණය කර, ලෝකයේ වෙනසක් ඇති කිරීමේ සහ අපගේ සමාජවල අසමානතා නිවැරදි කිරීමේ අපගේ ඉලක්කයන් ප්‍රදර්ශනය කරනවා.


[1] ගමේ ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සම්බන්ධ සියලුම විමසුම්, ගැටළු සහ ලියකියවිලි සමඟ කටයුතු කරන රජයේ කාර්යාලයක්.

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අවසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page