
මම ෆවුමි සහත්, මට වයස අවුරුදු 23 යි. මුතූර්[1] වල ‘සංහිඳියාව සඳහා තරුණ හඬ’ මාතෘකාව යටතේ ක්‍රියාත්මක කළ සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියක (SAP) කණ්ඩායම් නායකයා හැටියට මම SEDR[2] ව්‍යාපෘතියේ සහාය ඇතිව මගේ ප්‍රජාව එකට එක් කිරීමටත් අපේ ගමේ සබඳතා වැඩිදියුණු කිරීමටත් අවධානය යොමු කළා.
සන්තනවෙට්ටෛ[3] කියන්නේ 2009 අවුරුද්දේ අවසන් වුණු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සමයේ 'නව සන්තනවෙට්ටෛ' කියන ප්‍රදේශයට බලහත්කාරයෙන් අවතැන් කරවපු හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන්ගේ නිවහනයි. අපි සියල්ලෝම මෙම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් කොටසක් වුණත්, දශක ගණනාවක ගැටුම් නිසා අප අතර වැරදි වැටහීම් වගේම අවිශ්වාසයන් ඇතිවී තියෙනවා.
සිවිල් යුද්ධය අවසන් වීමෙන් පස්සේ අභ්‍යන්තරව අවතැන් වුණු ගම්වැසියන් ආපසු පැමිණියාට පස්සේ ප්‍රමාණවත් ඉඩම් ප්‍රතිපාදන නොලැබීමත් සමඟ ඇති වුණු ඉඩම් ආරවුල් ඇතුළු සිදුවීම් කිහිපයක් මෙම බෙදීම ගැඹුරු කළා. ග්‍රාමීය සංවර්ධන සමිතිය (RDS)[4] තුළ නායකත්වය සම්බන්ධයෙන් උණුසුම් මතභේද තිබුණා වගේම නිතර එකිනෙකා අතර වාචික බැණ ගැනීම්අ ඇති වුණා. මීට අමතරව, COVID-19 අතරතුර මුස්ලිම් ප්‍රජාව විසින් වියළි සලාක බෙදා හැරීම, මුල්බැසගත් සංස්කෘතික පුරුදු අනුව සිදුවුණත්, අනෙකුත් ආගමික කණ්ඩායම් අතර අමනාපයක් ඇති වෙන්න හේතු වුණා. ප්‍රජාවන් අතර තිබුණු අවිශ්වාසය සහ එදිරිවාදිකම්, පොදු සුසාන භූමිය භාවිතයට හිමිකම් කීම හේතුකරගෙන ඔවුන් අතර ආතතිය වැඩි කරන්නත් හේතු වුණා.
SEDR Active Citizens වැඩසටහනේ කොටසක් ලෙස ලැබුණු පුහුණුවෙන් අපි ඉගෙන ගත්තු කරුණු සැලකිල්ලට අරගෙන අපේ SAP කණ්ඩායම මේ ගැටළුවලට විසඳුම් සෙවීමට තීරණය කළා. මෙම ආරවුල් ඇතිවීමට හේතුව වඩාත් හොඳින් අවබෝධ කර ගන්න එක් එක් ආගමික කණ්ඩායම්වල ප්‍රජා නායකයින් වෙන වෙනම හමුවෙලා අපේ කාර්යය ආරම්භ කළා. එතනදී අලුතින් ආපු අය විසින් ඉඩම් ආක්‍රමණය කිරීම මේ ආරවුල්වලට සැලකිය යුතු සාධකයක් බව අපට පෙනී ගියා.
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම නායකත්වය ලබාගන්න සමාන අවස්ථා සහතික කරන්න RDS නායකත්වයට ගැහැණු පිරිමි දෙගොල්ලන්ම අයිති වෙනවා. අපේ ගැටළු-විශ්ලේෂණයෙන් හෙළි වුණු දෙයක් තමයි පිරිමින් මෙහෙයවන RDS වල කාන්තා මූලික RDS වලට වඩා ආරවුල් වගේම කලහකාරී හැසිරීමට වැඩි නැඹුරුවක් තියෙන බව. මේ අවබෝධය කාන්තා RDS එක්ක එකතුවෙලා විකල්ප ආරවුල් නිරාකරණ (ADR) උපාය මාර්ගයක් සැලසුම් කරන්න අපව යොමු කළා.
අවබෝධයත් සහජීවනයත් වර්ධනය කරන්න, අපි සමාජ ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධානය කළා:

• සාමකාමී පශ්චාත් යුධ අනාගතයක් හදාගන්න එකට වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කරන දැනුවත් කිරීමේ වැඩසටහනකට අපි ප්‍රජාවන් තුනටම ආරාධනා කළා.
• අපි කාන්තා මූලික RDS සඳහාම විශේෂ ADR සැසියක් පවත්වලා, ඔවුන් එක්ක සමථකරණය සහ ගටුම් නිරාකරණය ගැන දැනුම බෙදා ගත්තා.
• ප්‍රජාව ඇතුළත කාන්තාවන් අතර ළමා විවාහ සහ නූගත්කම වගේ දිගටම පවතින සමාජ ගැටළු හඳුනා ගත අපි, නායකත්වය, ගැටලු හඳුනා ගැනීම සහ විසඳීම වගේ දේවල් ගැන දැනුවත් කළා, සහ ඔවුන් සවිබල ගන්වන්න ඔවුන් පොළඹවන වැඩසටහන් සංවිධානය කළා.
• විවිධ ජනවාර්ගික කණ්ඩායම්වලට අයිති සාමාජිකයන්ට ආහාර ද්‍රව්‍ය සපයන්න සලසලා එකතුවෙලා ආහාර පිසීමේ වැඩසටහනකුත් අපි සංවිධානය කළා වගේම ඒ නිසා සමගිය පෝෂණය කිරීමත් සිදුවුණා.
• මීට අමතරව, අපි සියලුම ප්‍රජාවන්ගේ සක්‍රීය ක්‍රියාකාරකම් දිරිමත් කරන ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව පැවැත්වූවා.

ප්‍රජා සාමාජිකයින් දැන් ආගමික සීමාවන් වලට එහා ගොස් දැන් උණුසුම් සබඳතා ගොඩනඟා ගැනීමට පටන් අරන් තියෙනවා වගේම ජනවාර්ගික සහජීවනය සඳහා ධනාත්මක වෙනසක් අපි දැක්කා.
කෙසේ වෙතත්, අපේ ගමන අභියෝගවලින් තොර එකක් නොවෙයි. විශේෂයෙන්ම අපෙන් බොහෝ දෙනෙක් දැනට විභාග පැවැත්වෙන උපාධි අපේක්ෂකයින් නිසාම, සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියේ අවශ්‍යතා එක්ක අපේ පුද්ගලික වැඩ කිරීම අපිට දුෂ්කර වුණා. ඒ විතරක් නෙවෙයි, අපේ ප්‍රධාන SEDR Active Citizens කණ්ඩායමේ බහුතරයක් මුස්ලිම්වරුන් නිසාම බහුවාර්ගික මුල්පදිංචි කරුවන් වුණු ප්‍රජාවක විශ්වාසය දිනා ගැනීම අමාරු වුණා. මේ දේ මඟහරවා ගන්න අවශ්‍ය නිසා , අපි ගමේ සිටින සියලුම ප්‍රජාවන්ට අයිති ස්වේච්ඡා සහයකයන්ගේ උදව් ලබාගෙන, විශ්වාසය ගොඩනඟාගත්තා වගේම සැකය අඩුකළා. බොහෝ වේලාවන්වල ආදායම් උපයන ක්‍රියාකාරකම්වල යෙදී හිටපු රජයේ නිලධාරීන් වගේම ප්‍රජා නායකයින් එක්ක නිසි කාලසටහනක් අනුව වැඩ කරන්නත් අපි ගොඩක් මහන්සි වුණා.
පුද්ගලික මට්ටමින්, මේ අත්දැකීම මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. පුද්ගලික වගකීම් හසුරුවා ගැනීම, කණ්ඩායමක් මෙහෙයවීම වගේම කාලය සහ මුදල් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම වගේ අභියෝගවලට මට මුහුණදෙන්න හැකිවුණා. SEDR Active Citizens ADR පුහුණුවට සහභාගී වීම විශේෂයෙන් මට බලපෑවා: ADR ක්‍රම ගැන මම මුලිම දැනගත්තේ මෙතැනින්, ඒ වගේම ඒ දැනුම මට ශක්තිමත් නායකත්ව කුසලතා වර්ධනය කර ගන්න උපකාර වුණු බව මම විශ්වාස කරනවා.

SEDR Active Citizens ව්‍යාපෘතියේ බලපෑම මා ඉක්මවා ගියා. අපේ කණ්ඩායමේ ගැහැණු ළමයි දෙන්නා මීට කලින් කවදාවත් ප්‍රජා වැඩවලට සම්බන්ධ වෙලා නැහැ. අපගේ මැදිහත්වීම්වලින් පසුව, මුතූර් කොට්ඨාශයේ ඔවුන්ගේ කියවීම් කවයේ වැඩසටහනට පහසුකම් සලසන්න සිවිල් සමාජ සංවිධානයක් විසින් අපගේ කණ්ඩායමේ සාමාජිකාවකට ආරාධනා කළා. ඒ වගේම සාම්ප්‍රදායික සංස්කෘතික අදහස් නිසා මීට කලින් නිවසේ සිටීමට සීමා කර තිබූ අපේ කණ්ඩායමේ අනෙක් කාන්තා සාමාජිකාවට ත්‍රිකුණාමලයේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීමට දෙමාපියන් විසින් අවසර ලබා දී තියෙනවා.
මගේ උපාධියේ අධ්‍යයන කටයුතු කරගෙන යන අතරම, මම ගුරුවරයෙකු ලෙසත් වැඩ කරනවා. ADR ගැන මා ඉගෙන ගත් දේ මගේ ශිෂ්‍යයින් එක්ක බෙදා ගැනීමට මම කැපවී සිටින අතරම, මගේ ප්‍රජාව ඇතුළත සාමකාමීව ගැටුම් නිරාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.
[1] මුතූර් යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 25 ක් පමණ දකුණින් පිහිටි සුළු නගරයකි.
[2] ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ක්‍රියාත්මක කෙරෙයි.
[3] සන්තනවෙට්ටෛ යනු මුතූර් හි පිහිටා ඇති දෙමළ ජනවාර්ගික ජනගහනයකින් සමන්විත ගම්මානයක් වේ.
[4] ග්‍රාමීය සංවර්ධන සමිතිය (RDS) - වැඩිදියුණු කළ ගුණාත්මක ජීවන තත්වයක් සඳහා සමාජ, සංස්කෘතික සහ ආර්ථික සංවර්ධනය ලබාගැනීමට, අවදානමට ලක්වූ පුද්ගලයින් හට පහසුකම් සැලසීමට, බලගැන්වීමට, සහ යොමු කරවීමට කැප වූ සමාජ සේවා සංවිධානයකි.
Commentaires