top of page

ඵලදායී සන්නිවේදනය තුලින් ප්‍රජා දුක්ගැනවිලි සමථයකට පත් කිරීම

sakshiselvanathan

මම, ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තලාකුඹුර ගම්මානයේ ක්‍රියාත්මක SEDRxActiveCitizens [1] සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතිය (SAP) හි වාර්තාකාරිය වන පියුමි නිසංසලා (22) වෙමි.

 

ඌව පළාතේ කාන්තාවන් සහ තරුණ තරුණියන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ යුරෝපා සංගමයේ (EU) අරමුදල් සහ ඌව ශක්ති පදනම මගින් පහසුකම් සපයන ලද SEDRxActiveCitizens පුහුණු වැඩමුළු මාලාවකට සහභාගී වීමට මට වාසනාව ලැබුණි. මෙම වැඩමුළු අපව ව්‍යාපෘති පිළිබඳ ලෝකය  තුලින් සැරිසරමින් නව සොයාගැනීමේ ගමනක රැගෙන ගිය අතර විකල්ප ආරවුල් නිරාකරණ (ADR) ක්‍රම තුලින් ආරවුල් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ප්‍රජා මට්ටමේ දුක්ගැනවිලිවලට ප්‍රතිචාර වශයෙන් සමාජ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෙවලම්වලින් අපව පිරිපුන් කළෝය.

 

පළමු පුහුණුවෙන්ම මා පෞද්ගලිකව වෙනස් වූයෙමි. ජයග්‍රාහී විසඳුම් නිර්මාණය කිරීමට ADR හි ඇති හැකියාව ගැන ඉගෙන ගැනීමට අමතරව, ඕනෑම සාර්ථක ADR ක්‍රියාවලියකට මූලික කුසලතාවයක් වන සන්නිවේදනය ඵලදායී ලෙස සිදු කරන්නේ කෙසේදැයි මම ඉගෙන ගත්තෙමි. ADR උපදේශකයා විසින් ලබා දුන් පුහුණුවත් සමග මගේ යොවුන් වයස සහ ප්‍රේක්ෂකයින් ඉදිරියේ කතා කිරීමට ඇති නොහැකියාව පිළිබඳ මගේ චකිතය ක්‍රමයෙන් පහව ගියේය. මගේ කණ්ඩායමේ සගයන් හා සමග එක්ව, රජයේ නිලධාරීන් හා නියැලීම, අදහස් උදහස් රැස් කිරීම, සහ අප විසින් ආරම්භ කරන ලද සමාජ ක්‍රියාකාරකම සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සහතික කරන අයුරින් මගේ ප්‍රජාවේ නායකයින් සහ සාමාජිකයින් සමග ඵලදායී ලෙස සන්නිවේදනය කරන ආකාරය, මට ඉගැන්වින.

 

අපි තලාකුඹුර ප්‍රදේශයට අයත් ඉහළගම, පහළගම සහ ඈපළගමහි ගැටුම්වලට තුඩුදුන් නිශ්චිත මූලයක් හඳුනා ගත්තෙමු. තලාකුඹුර ප්‍රදේශයේ සිදුවන පොදු සහ සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රජාවන්ට - එක්තරා දුරකට සන්නිවේදනයේ තිබූ හිඩැස් නිසා ඇති වූ - තොරතුරු සඳහා ප්‍රවේශයේ අඩුවක් ඇති බව අපට වැටහුණි.

 

2019 දී මෙම ගැටුම් ඇතිවූයේ, රජය විසින් සිදු කරන ලද වැදගත් පොහොර බෙදා හැරීමේ වැඩසටහනක් පිළිබඳ ප්‍රවෘත්තිය, අනෙක් ප්‍රදේශ දෙකට සන්නිවේදනය නොකොට එක් ප්‍රදේශයක පදිංචිකරුවන්ට පමණක් දැනුම් දීමෙන් ඇතිවූ අමනාපයක් හේතුවෙනි. කාන්තා සංවිධාන සහ ගොවි සංවිධාන ද ඇතුළුව ගම් කමිටු (හෝ ‘සමිති’) බහුතරයක පහළගම ප්‍රදේශයේ සාමාජිකයින් ආධිපත්‍යය දැරීම, මෙම අමනාපකම් තීව්‍රවීමට හේතුවිය. ඉහළගම සහ ඈපළගම නියෝජිතයින් අඩු වීම, තලාකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස ඔවුන්ගේ අදහස් දැක්වීම සහ නියෝජනය සීමා කළේය. COVID-19 වසංගතය ද  අනෙකුත් ප්‍රදේශ දෙකෙහි රාජ්‍ය සේවාවන් පිළිබඳ සන්නිවේදනයේ සහ තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අඩුව, වඩාත් උත්සන්න වීමට හේතු විය. මේ හේතු නිසා, මෙම ප්‍රදේශයන්හි ප්‍රජාවන් අතර විවිධ ආරවුල් ඇති විය.

 

එබැවින්, මෙම හඳුනාගත් ආරවුල් නිරාකරණය අරමුණු කරගනිමින්, අපි අපගේ සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතිය ‘සහජීවනය අගයන සන්නිවේදන සබැඳියාවක්’ ලෙස නම් කර, SEDRxActiveCitizens ක්‍රමවේදයට අනුව ඊට අදාළ සමාජ ක්‍රියා මාලාවක් සැලසුම් කළෙමු. තලාකුඹුර ග්‍රාම නිලධාරී වසම්වල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඉලක්ක ප්‍රජාවන්හි ප්‍රධානීන්ගේ සහයෝගය ලබා ගැනීම සහ ගම සඳහා අපගේ දැක්ම සහ මෙහෙවර පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපාර පැවැත්වීම ඇතුළත්ව,  අපේ ව්‍යාපෘතියේ  නමේ සඳහන් වන පරිද්දෙන්ම අපගේ ක්‍රියාකාරකම් තුළින් ඵලදායී සන්නිවේදනයක් ඇති කිරීමට අපි උත්සාහ කළෙමු. ප්‍රාදේශීය මට්ටමේ ආරවුල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අවශ්‍ය වන ප්‍රජා නායකයින්ගේ ආකල්ප, සන්නිවේදන කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම සඳහාද අපි දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූවෙමු.

 

අපි ADR පුහුණුවේදී ඉගෙන ගත් දේ මෙහිදී ප්‍රගුණ කළේ, ‘සැමටම ජය’ ගෙනෙන විසඳුමක් ලබාගැනීමට උත්සාහ කරමින්ය. එහිදී අපි සෘජුවම විසඳුම් ඉදිරිපත් නොකර, සාකච්ඡාවෙන් සහ සංවාදයෙන් යුත් සැසි සමථකරණය කළ අතර, එය, එම කණ්ඩායම් විසින්ම සුදුසු විසඳුම් ඉදිරිපත් කිරීමට හේතු විය. මෙම ක්‍රියාවලිය මත පදනම්ව, තලාකුඹුර  ග්‍රාමසේවා වසමේ රාජ්‍ය සේවකයින්, ප්‍රජා සේවා සපයන සංවිධාන සහ සියලුම ක්‍රියාකාරී සමිති නියෝජිතයින් මෙන්ම එක් එක් ගම්මානයේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු අඩංගු නාමාවලි දෙකක් (දෘඩ පිටපතක් ලෙස සහ විද්‍යුත් පිටපතක ආකෘතියෙන්) නිර්මාණය කිරීමට අප ප්‍රදේශයේ ප්‍රජාවන්ට සහාය වූවෙමු. ඊට අමතරව, සියලුම ප්‍රජා නායකයින්ට එකිනෙකා සමග වඩාත් ක්‍රියාශීලීව සන්නිවේදනය කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට හැකි වන පරිදි සහ වඩා හොඳ අවබෝධයක් ගොඩනඟමින් විනිවිදභාවයෙන් යුතුව තොරතුරු සන්නිවේදනය වන අවකාශයක් නිර්මාණය කිරීමට හැකි වන අයුරින්, WhatsApp කණ්ඩායමක් පිහිටුවීමට ද අපි සහාය දැක්වූවෙමු.

 

මෙම ව්‍යාපෘතිය සහ අප ලද ADR පුහුණුව මගින් අප අපගේ සමාජ ක්‍රියාකාරකම් සිදුකළ ප්‍රජාවන් තුළ වඩා හොඳ සන්නිවේදනයක් සහ සංහිඳියාවක් ඇති කළා පමණක් නොව, තරුණ අප අතරද ඒ දේවල් වර්ධනය විය. එය බොහෝ කුසලතා වලින් අපව සවිබල ගන්වා ඇත: අපි ආරවුලක මූල හේතුව හඳුනා ගන්නේ කෙසේද, සමථකරණයේ ප්‍රතිලාභ ලබා ගන්නේ කෙසේද යන්න මෙන්ම, ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ වඩාත් තාක්ෂණික අංශ වන අයවැය සැලසුම් කිරීම, වාර්තාකරණය  සහ අධීක්ෂණය යනාදිය අනුව එය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ඉගෙන ගත්තෙමු. වැදගත්ම දෙය නම්, විවිධ මතවලට ගරු කරමින් අපගේ කණ්ඩායම තුළ සහ පොදු ඉලක්කයක් කරා වැඩ කරන්නේ කෙසේදැයි අපි ඉගෙන ගත්තෙමු.

 

යුරෝපා සංගමය අරමුදල් සපයන SEDR ව්‍යාපෘතිය හරහා ලබා ගත හැකි වූ මෙම අත්දැකීම්, මගේ පුද්ගලික වර්ධනයට සහ මගේ ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට පමණක් නොව, තරුණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලෙස අපට ජයග්‍රාහී විසඳුම් සමථකරණයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට උපකාරී විය.


[1] Active Citizens යනු ප්‍රජා මට්ටමේ ආරවුල් විසඳීමේදී විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන්ට සහාය වීම සඳහා SEDR හි ප්‍රවේශයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අන්තර් සංස්කෘතික සංවාදය සහ ප්‍රජා මූලික සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කරන සමාජ නායකත්ව පුහුණු ක්‍රමවේදයකි.

19 views

අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
LOGOs FInal-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

This website was created and maintained with the financial support of the European Union. Its contents are the sole responsibility of the British Council and do not necessarily reflect the views of the European Union.

© 2021 by Supporting Effective Dispute Resolution, British Council

bottom of page