top of page

පුදිය මලර්චි: නැවුම් මල් පුබුදින තැන අපේක්ෂාවන් ඇත


1980 ගණන්වල සියලුම ජන කොටස් වල භූමදාන කටයුතු සඳහා අක්කර 3ක ඉඩමක් වෙන් කර තිබුණත්, එකල ජින්නා නගර් නම් ප්‍රදේශයේ බහුතර මුස්ලිම් ජනතාව ජීවත් වූ බැවින් මෙය මුස්ලිම්වරුන්ට අයත් ඉඩමක් ලෙස භාවිතා වුණා. 1983 වාර්ගික කෝලාහලයෙන් පසුව සහ බොහෝ මුස්ලිම්වරුන් ප්‍රදේශයෙන් පලා යාමෙන් පසු, ක්‍රිස්තියානි සහ හින්දු විශාල ජනකායක් මෙහි පදිංචි වුණා. 1985 දී මෙම ගම්මානය තහයපුරම් ලෙස නම් කරන ලදී. දෙමළ සහ ක්‍රිස්තියානි ජනතාව කිලෝමීටර් 2 ක් දුරින් පිහිටි සොහොන් බිමකට ගමන් කරවීමට සිදු වුණත්, දැන් මුස්ලිම් ජනතාව මෙහි සුළුතරයක් වුවත්, තවමත් මෙම සුසානභූමිය ඔවුන්ගේම ලෙස ඔවුන් භාවිතා කරන්නට වුණා. ක්‍රිස්තියානි සහ දෙමළ ප්‍රජාවන් ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා ද ඉඩම සාධාරණ ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාවය ගෙනහැර දැක්වීම නිසා මෙය විවිධ ආරවුල්වලට තුඩු දී තිබෙනවා.


Active Citizens පුහුණුව තුළින් අප ලබාගත් දැනුම හා කුසලතාව මත ප්‍රථමයෙන් ප්‍රජාවේ සාමාජිකයන්ගෙන්, ආගමික නායකයන්ගෙන්, පළාත් සභා කාර්යාලයෙන් සහ ගමේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අවශ්‍ය දත්ත රැස් කිරීමට අපි කාලය ගත කළා. ගැටලුවේ සංකීර්ණත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ද්විතීයික දත්ත පොත් සහ පුවත්පත් වලින් එකතු කරන ලැබුවා. අපගේ ප්‍රධාන අරමුණ වූයේ මෙම ප්‍රජාවන් අතර සමගිය සහ සාමකාමී සහජීවනය පිළිබඳ හැඟීමක් ඇති කිරීමයි. එබැවින් සමගිය සහ සාමකාමී සහජීවනය පිළිබඳ සංවාදය දිරිමත් කිරීම සඳහා නිදහස් දින උත්සවයක් සංවිධානය කරනු ලැබුවා. මෙම අවස්ථාවට සහභාගී වූ SEDR Active Citizens සහභාගිකන් මෙන්ම රෝමානු කතෝලික දේවස්ථානයේ පූජකතුමා, මුතූර් ප්‍රාදේශීය සභා[1] මන්ත්‍රීවරුන් සහ හිතවත් භවතුන් විසින් කරන ලද දේශනද විශේෂාංග අතර තිබුණා. අපේ සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘතියේ කොටසක් ලෙස එකමුතුකමේ වැදගත්කම පෙන්වා දෙන නාට්‍ය ප්‍රසංගයක් ද ඉදිරිපත් කරනු ලැබුණා. මෙම අවස්ථාවට පීඩාවට ලක්වූ ප්‍රජාවෙන් 147 දෙනෙක් පමණ සහභාගී වූවා.


ප්‍රජා නායකයින්, ආගමික නායකයින් මෙන්ම ගම්වාසීන් අතර පැවැත්වුණු රැස්වීම් මාලාවකින් පසු, මෙය විවිධ ප්‍රජාවන්ගේ හැඟීම් සම්බන්ධ සංවේදී ප්‍රශ්නයක් බැවින් එය විසඳීමට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගතවන බව වඩ වඩාත් පැහැදිලි වුණා. මීළඟ පියවර ලෙස අප කණ්ඩායම ප්‍රාදේශීය ප්‍රජා සමථ මණ්ඩලය[2] හමුවී ඔවුන්ගේ අදහස් හා මගපෙන්වීම් රැස්කළා. කෙසේ වෙතත්, ඉඩම් ආරවුල විසඳීමේදී සම්මුතියකට එළැඹීමට නොහැකි බව මුලදී ඔප්පු වූ බැවින්, ඊට විසඳුමක් සෙවීමට තවත් කල් අවශ්‍ය බවට Muslim Aid ව්‍යාපෘති කණ්ඩායමෙන් ඉල්ලීමක් කිරීමටත්, ව්‍යාපෘති කණ්ඩායමේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක විසින් Active Citizens හට සම්මුතියක් ඇති කර ගැනීම සඳහා උපකාර ලබා දීම සඳහා එවැනි ගැටළු සමඟ කටයුතු කිරීමේ ඔහුගේ අත්දැකීම් භාවිතා කරනු ඇති බව අපි තීරණය කළා. මෙය වසර ගණනාවක් තිස්සේ පවතින සංවේදී ප්‍රශ්නයක් බැවින් එය විසඳීම පහසු කාර්යයක් නෙවෙයි. අපේ කණ්ඩායම, Muslim Aid ආයතනයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක සමඟ එක්ව නැවතත් සමථ මණ්ඩලය හමුවුණා, එවිට ඔවුන් කියා සිටියේ මෙම ආරවුල නිරාකරණය කළ හැකි නමුත්, ඊට තවත් කාලයක් අවශ්‍ය වන බවයි. ආගමික නායකයන් වැනි අය පවා ඊට සහභාගි වීමට මැලිකමක් දක්වන බව අපට පෙනී ගියා. අපේ ඉලක්ක සමඟින් මිනිසුන් පොළඹවා ගැනීම සඳහා විශාල උපායක් සහ ඒත්තු ගැන්වීමක් අවශ්‍ය වුණා.

මගේ කුඩා කාලයේ සිටම මට අවශ්‍ය වුණේ සාමය ගොඩනැංවීමේ අංශයේ වැඩ කිරීමටයි. මට වෙනසක් ඇති කිරීමට අවශ්‍ය වුණා වගේම, එය මගේ ගම් මට්ටමින් ආරම්භ කළ යුතු බව මම දැන සිටියා. ඒ සඳහා මෙම ව්‍යාපෘතිය බෙහෙවින් උපකාරී වී තිබෙනවා. මම මේ ව්‍යාපෘතිය පසුගියදා එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැංවීමේ සමුළුවට[3] ඉදිරිපත් කළ අතර තවත් ව්‍යාපෘති 25ක් අතරින් එය පළමු ස්ථානය ලබා ගත්තා. මෙය ජාතික මට්ටමේ සාමය ගොඩනැංවීමේ ක්‍රියාකාරිකයෙකු වීමට මා දිරිමත් කරනවා.


නිරාකරණය කළ නොහැකි කිසිදු ගැටුමක් නැති බව ද මම ඉගෙන ගත්තා; වැදගත් වන්නේ නිවැරදි

මූලාශ්‍රවලින් දත්ත උපුටා ගැනීම තුළින් මූල හේතුව හඳුනා ගැනීමයි. පීඩාවට පත් සියලුම පාර්ශ්ව ඇතුලත් කර ගනිමින් සාධාරණ විසඳුමක් සැමට ලබා දිය යුතුයි. මෙවැනි ගැටළු සංවේදීයි; එබැවින්, තීරණ ගැනීම සඳහා බොහෝ කාලයක්, උපායන් සහ දැඩි ශ්‍රමයක් වැය කළ යුතු වනවා.

[1] ප්‍රාදේශීය සභා යනු ශ්‍රී ලංකාවේ තුන්වන මට්ටමේ මහ නගර සභා වල මුලසුන දරන ප්‍රාදේශීය වශයෙන් තේරී පත් වූ ව්‍යවස්ථාදායක ආයතන වේ. [2] ශ්‍රී ලංකාව පුරා ප්‍රජා සමථ මණ්ඩල 329ක් ඇති අතර, එහිදී හොඳින් පුහුණු වූ ස්වේච්ඡා සමථකාරවරුන් 8,400කට වඩා වැඩි සංඛ්‍යාවක්, උනන්දුව මත පදනම් වූ සමථකරණ ප්‍රවේශයන් භාවිතා කරමින්, දේශීය ප්‍රජාවන් තුළ වසරකට 200,000කට වැඩි ආරවුල් නිරාකරණය කරති. [3] 2022 මැයි මස ශ්‍රී ලංකාවේ දී පැවති එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැංවීමේ සමුළුව.



23 views0 comments

Comments


bottom of page